පානීය ජලය සහ කන්ගන් වෝටර්.

( නවීන තාක්ෂණයෙන් අපට ලැබෙන දේවල් ගැන භාවිතා නොකලත් දැනගැනීම වටිනා බව මා විශ්වාස කරන නිසා මෙම ලිපිය ලියනවා. එසේම අක්මාවේ තෙල් තැන්පත් වීමේ ලිපියට සමගාමීව මෙම ලිපි කිහිපය ලියා තබන බව කරුණාවෙන් සලකන්න.)

‍මේ දවස් වල බොහෝ දෙනෙක් ජපානයේ නිශ්පාදනයක් වන කන්ගන් වෝටර් යන්ත්‍රය සහ එහි ඇති ගුණ අගුණ ගැන කතා කරනවා. මෙම මාතෘකාවේ යතාර්ථය මා දන්නා ආකාරයට ඔබට පහදා දීමටයි මා අදහස් කරන්නේ. ෆැටි ලිවර් ලිපියේ ඉතිරි කොටස ලියන්නට තිබියදී තවත් ලිපි කිහිපයක් ගෙන ආවේ මෙමලිපිද ඊට සම්බන්ධ නිසාවෙනි.

55539273_845433822477772_5556868720954966016_n

අපි ග්‍රහලෝකයක ජීවය තියෙනවාද කියන සාධකය සොයන්නට පෙර සෙයන්නේ ඒ ග්‍රහලෝකයේ ජලය තියෙනවාද කියලයි. එසේ නැතිනම් ඒ ග්‍රහලෝකයේ ජීවයක් තිබිය නොහැකි බව ඉන් පැහැදිලි වෙනවා. මේනිසා අනවශ්‍ය මුදල් නාස්තියක් නොකර ජීවය සොයනවා වෙනුවට ජලය ඇත්දැයි සෙවීමට නාසා ආයතනය වැනි ආයතන ක්‍රියා කරනවා.

ඇය අපිට ජලය ඇති තරම් තියෙනවානේ. ලංකාවට ජලයෙන් ගැටලුවක් ඇතිවෙලා නැහැ. පයිපට ඇරියම වතුර එනවා ලංකාවේ නිවාස බොහොමයකට. පාරෙ තියෙන පයිපයකට අපි ඉස්සර අත අල්ලලා වතුර බිව්වා මට මතකයි පාසැල් යන කාලේ. ඉතින් මොකක්ද ගැටලුව. මේ ලිපිය මගින් මා බලාපොරොත්තු වන්නේ ඒගැටලුව නිරාකරණය කරගන්නට ඔබට යම් රුකුළක් ලබා දීමටයි.

ඉස්සර අපි බිව්වේ ලිං ජලය හෝ උල්පත් ජලය. නමුත් නාගරීකරණයත් සමග ලිඳ අපිට අහිමිවුනා. පර්චස් දහයක් තුල කකුසිවල සහ ලිඳ කපන්නට නොහැකි වුනා. මේ නාසා විශාල පලාතකයට වතුර දෙන්නට හැකි වන සේ නළ ජලය ලබා දෙන්නට අවශ්‍ය පියවර රජයන් විසින් ගත්තා. අද වන විට ඉඩ තියෙන ඉඩම් වලත් ලිඳ ප්‍රයෝජනයට ගන්නේ නැහැ. මොකද එයාලට නළ ජලය ඇවිල්ලා. ඉතිං මොකටද ලිං ජලය.

නළ ජලය සපයන විශාල ටැංකි වලට ජලය පොම්ප කරන්නේ ගලායන ගංගා වලින්. ඉතිං මේ ජලය බීමට සුදුසු මට්ටමක නැහැ. වගා බිම් වලින් එන කෘමි නාශක, කර්මාන්ත ශාලා වලින් එන රසායනික, බැක්ටිරියා වර්ග වැනි දෑ නිසා මෙම ජලය අපවිත්‍රවී තියෙන්නේ. ඉතිං මොකද කරන්නෙ. පවිත්‍ර කල යුතුමයි. අන්න ඒ පවිත්‍ර කිරීමේ ක්‍රියාදාමයේදී තමයි ගැටලුව මතු වෙන්නේ. අපි ඒ ගැන ටිකක් සොයා බලමු.

ජලය පිරිසිදු කරන්නට ක්ලෝරීන් යොදනවා. කක්ලොරීන් කියන්නේ ඕනෑම බැක්ටිරියාවක හෝ වෙනත් ක්ෂුද්ර ජීවියෙක් ඉතිමත් ඉක්මණින් විනාශ කල හැකි රසායණිකයක්. එපමණක් නොව ජලයේ ඇති අව පැහැය ඉවත් කරන්නට ක්ලෝරීන් වලට හැකියි. ඔබ දැක තිබෙනවාද ස්විමිං පූල් පවිත්‍ර කරන ආකාරය. මුලින්ම රාත්‍රී කාලයේ මුලු පූල් එකටම ක්ලෝරීන් ඉසිනවා. ූදේ බලනකො ටැංකියේ තිබූ සියලු අව පැහැ ගැන්වීමට හේතු වන ඇලිගී හා වෙනත් අපද්‍රව්‍ය සියල්ල පූල් එක අඩියට ගිලා බහිනවා. මේවා වැකුම් ක්ලීනර් එකක් මාර්ගයෙන් ඉවතට ගන්නවා . සමහරු මෙය පැයකින් දෙකකින් කරන අවස්ථාත් තියෙනවා. කෙසේ හෝ අවසානයේ ඉතාමත් ලස්සන නිලි පාට පූල් එකක් අපිට පසුදා දැකිය හැකි වෙනවා. මේ ක්ලෝරීන් කෘත ලයේ තමයි අපේ දරුවන් පසුදා යස අගේට නාන්න යන්නේ.

‍මේ ආකාරයටම පාණිය ජලයෙත් ක්ලෝරීන් යොදා පවිත්‍ර කරනවා. කෙසේ හෝ ජලය අපිට අත්‍යවශ්‍ය සාධකයක් නිසා අපිත් ටැප් වතුර බොනවා. දැන් මේ වතුරේ බකිටීරියා නැහැ. විෂ නැහැ. ඉතිං හොදක්නේ වෙලා තියෙන්නේ කියලා කෙනෙකුට තර්ක කල හැකියි. අපි එයද සලකා බලමු.

ක්ලෝරීන් කියන්නේ ෆ්‍රී රැඩිකල් එකක්. ඒ ගැන මම දින දෙකකට පෙර ලිපියක් ලිව්වා. එය කියවා බලන්න. ෆ්රී රැඩකල් නිසා මාධ්‍යය ධනාරෝපිත වෙනවා. ධනාරෝපිත මාධ්‍යයක අංශු එකිනෙක එකතු වෙනවා. මාධ්‍ය්‍ය ඍණාරෝපිත වෙනවිට අංශු විකර්ශනය වෙනවා.දැන් අපි ලිදකින් බොන ජලයට වඩා පයිප්පයෙන් බොන වතුරේ අංශු විශාල බවයි මේ කියන්නේ. මෙම අංශු වල සයිස් එක අපිට පියවි ඇසින් දැක ගන්නට බැහැ. ඒ විතරක් නොවෙයි, මෙම ක්ලෝරීන් නිසා ජලයේ ඇති මිනරල් වර්ගද ඉවත් වෙනවා. එය තවත් අපරාදයක්. ඒත කරන්න දෙයක් නැහැ අපිට තියෙන දේ බොන්න එපැයි නේද?

ඔබ කවදා හරි සිංහරාජ වනාන්තරය පැත්තේ දිය කඩකින් වතුර බීලා තියෙනවාද? ඒ වතුර ඕනි තරම් බොන්න පුලුවන් කියලා හිතිලා නැද්ද? ඒවතුර බිව්වම ශරිරයට පහසුයි කියලා තේරිලා නැද්ද? මොකක්ද මේ වෙනස? අර වනාන්තරය ඇතුලත ඇති ස්වභාවික පරිසර පද්ධතිය නිසා එම වතුර ඛණිජ ලවන වලින් පෝෂිතයි. ඒවා භාෂ්මිකයි. එසේම ඍණාරෝපිතයි. මොකද ඒවාගේ ෆ්‍රී රැඩිකල් නැහැ. මේ නිසා ජල අනු ඉතා කුඩයි. ඒ නිසාම ඹක්ෂිජන් වලට දියවෙන්නට පහසුයි. ක්ලෝරීන් සහිත වතුර මාළු ටැංකියකට දාන්නේ නැත්තේ ක්ලෝරීන් ඇතිවිට ඔක්ෂිජන් වලට දිය වීමට අපහසු නිසා. මේවා ඔබගේ බුද්ධියෙන් විමසා බලන්න. එවිට බොහෝ දේවල් වැටහේවි.

දැන් අපි කතා කලා ක්ලෝරීන් නිසා ජලයේ ගුණ හානි වන ආකාරය සහ ජල අණු වල ප්‍රමාණය විශාල වන ආකාරයයි.

54520657_845432909144530_3011288540018376704_n

දැන් අපි බලමු මේ තත්වය අපිට බලපාන ආකාරය. අපි මේ වතුර බොන විට මේ ෆ්‍රී රැඩිකල් අපේ රුධිරය සමග එක් වෙනවා. මේ නිසා රුධීර සෛලද ඔක්සිකරණය වෙනවා. මේ ඔක්සිකරණය නිසා රුධිර සෛල එක් වෙන්න බලනවා. එවිට රුධිරය ඝණ වෙනවා. මේ එක් අවාසියක් පමණයි. මේ හරහා ඇතිවෙන රෝග ගැන දැන් ඔබ ඔබගේම ණුවන මෙහෙයවා සිතා බලන්න. හාට් ඇටෑක්, ස්ට්‍රෝක්, හයි බ්ලඩ් ප්‍රෙෂර්. අඩු ගානේ මේ තුන සිතා ගත හැකියි නේද? අනෙක් රෝග දැනට පැත්තකින් තියමු. මේ රෝග තුනට අඩු ගානේ අපේ ටැප් වතුර හේතු වෙලා තියෙනවා කියන එක විතරක් සිතා ගන්න.

එත් අපි හැමෝටම මේ වගේ නැහැ නේද කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඇත්ත. අපි දෛනිකව පානය කරන ජලයේ ඇති ක්ලෝරීන් ප්‍රමාණය නිශ්ක්‍රීය කරන්නට හැකි ප්‍රමාණයට ඔබ ආහාර සමග ප්‍රති ඔක්සිකාරක ගන්නවා නම් මේ ගැටලුව යම් තාක් දුරට සමනය කරගන්නට පුලුවන්. එසේම ජලයෙන් ස්වභාවිකව අපිට ලැබෙන්නට තිබුනු මිනරල් වර්ගද දැන් අපිට සප්ලිමන්ට් ලෙසට ගන්න වෙලා. එයද අපිට වුනු පාඩුවක්. ගෙවත්තේ ලිදක් තිබුනානම් අපිට කෙතරම් වාසයක්ද?

‍පිපාසය ගැන යමක් කතා කල යුුතුයු. පිපාසය කියන්නේ අපගේ ශරීරය විජලයන විය හැකි බව දන්වන එක් ක්‍රමවේදයක්. අපිට මිනරල් අවශ්‍ය බව දනවන්නටත් පිපාසය ඇතිවෙනවා. නමුත් එය බඩගින්න ලෙසට වැරදි වැටහීමක් ඇති කරගන්නවා. බඩගින්නක් ඇති වෙලාවක පිරිසිදු ලිඳකින් වතරු බෝතලයක් විතර බිලා බලන්න. බඩගින්න නිවෙන්නේ නැද්ද කියලා. ඒ වතුරේ තියෙන මිනරල් ටික ලැබුනම බඩගින්න නිවිලා යනවා. නමුත් ටැප් වතර ගැළුමක් බිව්වත් එසේ වනේනේ නැහැ. ටික වේලාවකින් නැවත බඩගිනි වෙනවා. මේ දේවල් ඔබ ඔබගේ ජීවිතයේදී අත්හදා බලලා ඇති. ස්ථූල තාවයට මේ නිසා පාර හැදෙනවා. මා කියන දේ වැරදි දැයි සිතා බලන්න.

  • අපේ ශරිරයෙන් 10% ක් විජනය වුවහොත් අපි ලෙඩ වෙනවා.
  • 20% ක් විජලනය වුවහෝත් මරණයට පත් විය හැකියි.

මොළයේ 2% ක් විජලනය වුනහෝත කල්පනා කරන්නට, සිතන්නට, ආවර්ජනය කරන්නට නොහැකි වෙනවා. මම දන්න අය ඉන්නවා තම දරුවන්ට විභාගයට යනවිට වැඩිය වතුර බොන්න එපා එතකොට මුත්‍රා කරන්නට යන්න වෙනවා කියලා උපදෙස් දෙනවා. මොනතරම් අපරාදයක්ද? දරුවා අවුුරුද්දක් ඉගෙන ගෙන ඒ ටික ආවර්ජනය කරගන්නට බැරිනම් පිලිතරු ලියන්නේ කොහොමද? දරුවාට වතුර බෝතලය්ක අනිවාර්‍යෙයන් දෙන්න. එය පාඩම් කරනවිට, ඉගෙන ගන්න විට, විභාගයට ලියන විට බොන්න කියන්න. එය ඉතාම වැදගත්.

දැන් පිපාසය දැනුනාම අපි කරන අපි කරන තවත් දෙයක් ගැන අපේ සිත යොමු කර බලමු. ඒ තමයි කඩේ තියෙන කාබනේටඩ් බීම වර්ගයක් බිලා පිපාසය නිවා ගන්න එක. ඉතිං ගැටලුවක් නැහැනේ නේද? එකේ තියෙන්නෙත් වතුරනේ. නමුත් ගැටලුව එය නොවෙයි. කිබනේටඩ් බීම අපගේ සිරුර ආම්ලික කරනවා. ආම්ලික මාධයයක් අපේ ශරීරයට කෙසේවත් ගැලපෙන්නේ නැහැ. ද්‍රාවණයක ආම්ලික තවාය මණින්නේ pH අගය මැණීමෙන්. pH කියන්නේ potential of hydrogen කියන එකයි. pH අගය 7 කියන්නේ අපි පානය කරන ජලයට. pH 7 ට අඩු නම් එය ආම්ලිකයි. pH අගය 7 ට වැඩිනම් එය භාෂ්මිකයි. මෙම අගය 1-14 දක්වා විහිදෙනවා. ද්‍රාවනයකට pH අගය මණින රසායනිකයක් යොදාගෙන එහි පාට වෙනස් වීම මගින් අදාල ද්‍රාවනයේ pH අගය මණින ක්‍රමයක් තියෙනවා. එම රසායනිකයට අපි කියන්නේ pH test liquid කියලා. එම pH test liquid එකෙන් බින්දු කිහිපයක් අදාල ද්‍රාවනයට දැමූ පසු අපිට පාට වෙනස් වන ආකාරය දැක ගන්න පුලුවන්. එම පාටට අනුව pH අගය පහත රෑප සටහනේ ඇති අංකයන් අනුව දැනගත හැකියි.

53423718_845433225811165_537782759326744576_n

අපි කාබනේටඩ් බිම ටිකකට pH test liquid බින්දු කිහිපයක් දාලා බැලුවහොත් අපිට එන්නේ තැඹිලි පාටක්. එසේම අපි 9.0 pH වතුර ටිකකට pH test liquid බින්දු කිහිපයක් දාලා බැලුවහොත් අපිට එන්නේ තද නිල් දම් පාටක්. අපි කාබනේටඩ් බීම බෝතලයක් ලොකු භාජනයකට දාලා pH test liquid බින්දු කිහිපයක් වැඩිපුර දාල ඒ භාජනයට 9.0 pH වතුර බෝතල් 2 ක් දැම්මත් පාට වෙනස් වෙන්නේ නැහැ. 10 ක් දැම්මත් පාට වෙන්සවෙන්නේ නැහැ. බෝතල් 30ක් දාන විට තමයි පැහැය කොළ පාටක් ගන්නේ. ඒ කියන්නේ අපි කාබනේටඩ් බිම බෝතලයක් බොනවා නම් එහි ආම්ලිකතාවය නැති කරගන්නට 9.0 pH වතුර බෝතල් 30 ක් පානය කල යුතු බවයි.

රුධිරයේ pH අගය 7.38 ක් පමණ වෙනවා. මෙය 7.2 දක්වා අඩු වුනහොත් කොමා් තත්වයක් හෝ මරණය අත්කර දිය හැකියි. මේ නිසාම අපගේ ශරිරයේ රුධිරයේ pH අගය 7.38 ලෙස පවත්වාගෙන යන්නට යාන්ත්‍රනයක් තියෙනවා. එය රුධීරයේ පොටෑසියම් මට්ටම පාලනය කිරිම මගන් සිදු කරගෙන යනවා. එය ස්වභාව ධර්මය විසින් කරන දෙයක් මිස බාහිර පුද්ගලයෙකුට කිසිදා සිදු කල නොහැකි දෙයක්. එම යාන්ත්‍රනය ගැන මා මීට පෙර pH අගය ගැන ලියූ ලිපියක සදහන් කලා.

අනෙක් කාරණය නම් ජලය ඍණ අයණ වලින් වලින් සමන් විත විය යුතුයි. අපි ඉහත කතා කල ක්ලෝරීන් නිසා ජලයේ ඍණ ආරෝපනය නැතිවී යනවා. එසේම ජලය ධන ආරෝපිත වෙනවා. දැන් සිදුවන දේ ගැන මා කිව යුතු වන්නේ නැහැ.

පිපාසය හදුනාගන්න. කුස ගින්න හදුනා ගන්න. කුගින්න යනු කුසය හිස් වුනාම දැනෙන ගින්නක් නොවේ. එය පෝෂන ඌණතාවය ඇතිවූ විට දැනෙන වේදනාවක්. හරියට හිසේ කැක්කුම වගේ. මිනරල් වර්ග කිහිපයක් පමණ අඩු වුනාම ධමණී වල පීඩණය වැඩි වෙනවා ( Ca, Mg, Zn, Cu, – prostaglandins) . එවිට ධමණි වලට පිටතින් ඇති වේදනා සංවේදක නියුරෝන උත්තේජනය වෙනවා. ඒ නිසයි හිසේ කැක්කුම එන්නේ. නමුත් අපි කරන්නේ වේදනාව නැති කරගන්නට අදාල පෝෂණය ගන්නවා වෙනුවට වේදනා නාශකයක් ගැනීමයි. බඩගින්නත් එසේමයි. අපගේ සිරුර ඉල්ලන දේ නොව ආහාර වලින් කුස පුරවනවා. පුරවන්නෙත් හොද දේවල් වලින් නෙවෙයිනේ. අවසානයේ රෝග ගණනාවකට බෙහෙත් බොනවා.

ජපානයටත් මේ ප්‍රශ්නය මේ විදිහටම බලපාල තියෙනවා. නමුත් අද වන විට ලොව නිරෝගීම ජාතිය ජපන් ජාතිකයන්. ලොව වැඩිම කාලයක් ජීවත් වන මිනිසුන් සිටින්නේ ජපානයේ. ඔවුන් මේ තත්වය ඇති කර ගත්තේ කෙසේද? ඔවුන් තම ආහාර වේල ගැන ඉතාමත් ප්රවේශම් සහිතයි. එසේම ඔවුන් ගේ ආහාර වේලේ ඇල්ගී තියෙනවා. ආහාර ලෙස ක්ලොරෙල්ලා ලොව වැඩියෙන්ම භාවිතා කරන රට ජපානයයි. එසේම ඔවුන්ටද මේ නාගරීකරණය ගියන ගැටලුවට මුහුණ දෙන්නට වුනා . අද ලොව වැඩිම ජනයගහනයක් සිටින නගරය තමයි ටොකියෝ කියෙන්නේ. මේ නිසාම ජපාන විද්‍යාඥයන් ධණාරෝපීත ජලය වෙනුවට ඍණාරෝපිත ජලය නිපදවිය හැකි, එකට එකතු වූ විශාල ජල අණු වෙනුවට මයික්රෝ ක්ලෂ්ටර් නැමති ඉති කුඩා ජල අනු නිපදවිය හැකි, භාෂ්මිකතාවය අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කල හැකි. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් වැඩි ජලය නිපදවිය හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කලා. එය මිලෙන් ටිකක් වැඩියි. අද ජපානයේ නිශ්පාදනය කරන මොටර් සයිකලයක් සහ ඉන්දියාවේ නිපදවන මෝටර් සයිකලයක් අතර මිල සහ තත්වය ගැන සිතා බලා මෙම යන්ත්‍රය ගැනද සිතන්න. ජපානය යම් දෙයක් නිවැරදිව කරන්නට සැමවිටම උත්සහා කරන රටක්. චීනය සහ ඉන්දියාව බොහෝ විට මිළ මත තම නිපදවීම් කරන්නට වෙර දරනවා. විශේෂයෙන් ආසියාවට යම් නිපදවීමක් කරන විට.

ජපානය විසින් නිපදවූ මේ අදිවිතීය නිර්මාණය තමයි කන්ගන් වොටර් කියන්නේ. මමත් මේ ගැන ඒ තරම් විශ්වාස කලේ නැහැ. නමුත් මාගේ හිතවතෙකුගේ දැනුවත් කිරීම නිසා මා මේ ගැන වැඩි වැඩියෙන් සොයා බැලුවා. සප්ලිමන්ට් කම්පැනි මේ යන්ත්‍රයට විරුද්ධයි. මමත් සප්ලිමන්ට් කම්පැනි වලට සේවය කරනවා. ඔවුන් මේ යන්ත්‍රය එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. මම හේතුව සෙයා බැලුවා.

අපි ප්‍රතිඔක්සිකාරක ලබා ගැනීම සදහා සප්ලිනමන්ට් ගන්නවා නම් මාසෙකට අඩුගානේ ඩොලර් 100 ක් එක් පුද්ගලයෙක් දරන්න ඕනි ඒ වෙනුවෙන්. නිවසක 5 දෙනෙක් ඉන්නවා නම් ඩොලර් 500 ක් ඒ වෙනුවෙන් දරන්න වෙනවා. වසරක කාලයක් සදහා මෙම නිවසට ඩොලර් 6000 ක වියදමක් යනවා. සප්ලින්ට් වලට වසරකට ඩොලර් 6000 කරන වියදමෙන් තුනෙන් දෙකකින් කන්ගන් වොටර් යන්ත්‍රයක් මිලදී ගත හැකියි. මෙම යන්ත්‍රය මගින් අසල් වැසියන්වද නිරෝගීව තබන්නට ඔබට හැකියි. ඔබගේ ඥාතීන්වද නිරොගීව තබන්නට හැකියි. එසේම ඔබට එය ආදායම් මාර්ගයක් කරගන්නටද හැකියි.

කන්ගන් වෝටර් pH 9.0 විදුරුවක තියෙනවා ග්‍රීන් ටී වීදුරු එකක තියෙන ප්‍රතිඔක්සිකාරක වගේ තුන්ගුණයක්. ඒ කියන්නේ ORAC ( Oxygen Radical Absorbance Capacity ) points 9000 ක් විතර. අපි දවසකට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය ලබා ගන්නට ග්‍රීන්ටී 10 ක් වත් බොන්න වෙනවා. ඒත් අපි එසේ බොන්නේ නැහැ. අපි සප්ලිමන්ට් එකකට යනවා. එය පහසු නිසා. නොදන්නා අය රෝගී වෙනකම් බලාගෙන ඉන්නවා. රෝගී වුනාට පසු විශාල ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් ලබා දිය යුතු වෙනවා එම තත්වයෙන් මිදෙන්නට.

‍විශේෂයෙන් යම් රෝගයක් නිසා බෙහෙත් ගන්නා අයට අදාල බෙහෙත හොදින් පත්තියං වෙන්නට මෙම ජලය උපයෝගී වෙනවා. ලංකාවේ බොහෝ තැන් වල මෙම යන්ත්‍ර තිබුනත් ඒවා බාහිර පුදුගලයන්ට ලබා දෙන්නේ නැහැ. ඔවුන් එම යන්ත්‍ර මිලදී ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ අවශ්‍යතාවයටන්ට වීම ඊට හේතුවයි. නමුත් කිහිප දෙනෙක් ඉතාමත් සුලු මුදලක් අයකොට මෙම වතුර රෝගින්ට ලබා දෙනවා.

වැඩි pH අගය 7.0 ට වැඩි කන්ගන් වෝටර් ආහාර ආමාශය තුල ඇති වෙලාවට සහ ආහාර වේලකට ආසන්නව පානය කරන්නේ නැහැ. ආහාර ගැනීමට පැයකට කලින් මෙම ජලය පානය නතර කල යුතුයි. ආහාර ජීරණය කරන්නට ආමාශයේ ආම්ලික තාවය පවත්වාගෙන යා යුතු වීම ඊට හේතුවයි. ආහාර ගන්නා වෙලාවට පානය කරන්නේ එම යන්ත්‍රෙයන්ම ලබා ගත හැකි pH 7.0 ජලයයි. එය ආහාර ජිරණය පහසු කරන අතර ඉතා ඉකිමනින් අවශෝෂණය කරගන්නට හේතු වේ. ගැස්ට්‍රයිටීස් සහ බැක්ටීරියා ප්‍රශ්න ඇති අයට pH 2.5 ජලය විදුරු බාගයක් පමණ ආහාර ගන්නට පෙර පානය කරන්නට පුලුවන්. එය ගැස්ට්‍රයිටීස් සමනය වන්නට බලපානවා.

55575583_845430855811402_4621151735505747968_n

53238258_845430829144738_688217493562458112_n

ඔබ ඔබගේ දේහ සෛල විජලනය වීම නැවතූ තැන පටන් ඔබගේ ශරීරය නිරෝගි වන්නට පටන් ගන්නවා. ඒ සදහා මා හට මෙතෙක් ලැබී ඇති හොදම විසදුම ලෙසට මා කන්ගන් වොටර් දකිනවා. මම මේ නිසාම ගල්කිස්සේ අපේ ඔෆස් එකට මෙම යන්ත්‍රයක් ලබා දුන්නා. ඔබලාටත් අවශ්‍ය නම් එම ස්ථානයෙන් කන්ගන් වොටර් ලබා ගන්න. ඔබගේ විස්තර ලබා දෙන්න. එම ස්ථානයෙන් නොමිළයේ මෙම වතුර ලබා ගන්නට සලසා දෙන්නම්. මෙම අවස්ථාව විශේෂයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති අය වෙනුවෙන් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. දිනකට ලබා ගත හැකි ජලය සීමා සහිත නිසා කලින් වේලාවක් වෙන් කරගෙන එහි ගොස් මෙම වතුර ලබා ගන්න. සතියකින් පමණ ඔබට දැනෙන වෙනස මෙහි පල කරන්න.
‍සෙරෙන්ඩිබ් ෆෝචූන්ස් පුද්. සමාගම. 0112735621

පහත වීඩියෝ නරඹා ඔබගේ දැනුම වර්ධනය කරගන්න.

ඔබ යමක් ඉගෙන ගත්තා නම් තවත් කෙනෙකුට එය දායාද කරන්න. ෂෙයාර් කරන්න.

 

410 Replies to “පානීය ජලය සහ කන්ගන් වෝටර්.”

  1. After looking at a few of the blog posts on your web site, I honestly appreciate your technique of writing a blog. I saved as a favorite it to my bookmark webpage list and will be checking back soon. Please visit my web site as well and tell me your opinion.Thank you for the sensible critique. Me and my neighbor were just preparing to do some research on this. We got a grab a book from our local library but I think I learned more clear from this post. I am very glad to see such wonderful info being shared freely out there. buy effexor xr.

  2. I think this is among the most important info for me. And i am glad reading your article. But wanna remark on some general things, The site style is perfect, the articles is really nice : D. Good job, cheers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *