අධිරුධිර පීඩණයට ඇතිවන්නට හේතු කිහිපයක්. (1 වන කොටස)

අධිරුධිර පීඩණය කියන්නේ තවත් එක් භයංකාර රෝග තත්වයක් ලෙසටයි බටහිර වෙදකම ගෙනහැර දක්වන්නේ. ජීවිතාන්තය දක්වා බෙහෙත් ගත යුතු වන කිසි දිනක සුව නොවන රෝගයක් වන මෙයට හේතුව ඔවුන්ට අනුව කිසිවෙකු නොදනී. නමුත් නේචරෝපැති ක්‍රමය අනුගමනය කරන වෛද්‍ය වරුන් මෙයට හේතුව සක් සුදක් සේ දනී. එසේ නම් ඔවුන් දන්නා දේ දැනගැනීම අපි කාටත් යම් යහපතක් අත්කර දීමට හේතු වන බව මා විශ්වාස කරන නිසා අධිරුධිර පීඩණය ගැන මෙසේ සටහනක් තබන්නම්.

අපි මීටරයක් පමණ දිග, අගලක විශ්කම්භය ඇති පී වී සී බටයක් සහ එම දිගම සහ එම පලලම ඇති බිත්තියේ ඝණකමද එම ප්‍රමාණයම ඇති රබර් හෝස් එකකුත් ගනිමු. දැන් මෙම බට දෙකට එකම විශ්කම්භය ඇති එකම පීඩණයකින් එලියට ජලය එන පයිප්ප දෙකකට සවි කර තිරස් අතට මේසයක් මත තැබුමහොත් ඔබ සිතන්නේ කිනම් බටයේ වතුර වැඩි දුරක් යයි කියලාද?

රබර් හෝස් එකද නැත්නම් පී වී සී බටයද?

වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැනේ පී වී සී බටයේ වතුර වැඩි දුරක් ඉදිරියට ගමන් කරනවා. ඒ පයිපයෙන් ආ වතුරේ තිබු පීඩණයක් නිසා නොවේ. අතර මගිදී ඇතිවූ යම් තෙරපුමක් නිසා කියලා හිතෙන්නේ නැද්ද?

අපි මේ විදිහට කල්පනා කරලා බලමු. පී වී සී බටයේ බිත්ති ඝණකමයි.ඒ නිසා වතුර පයිපයෙන් එන පීඩණය අඩු වෙන්නේ නැහැ. ඒ විදිහටම ඉදිරියට යනවා. නමුත් රබර් හෝස් එක එහෙම නැහැ. එය නම්‍ය ශීලි සහ පිම්බෙන සුලුයි. එය පීඩණය වැඩි වෙන විට තමන්ට හැකි ප්‍රමාණයක් පුම්බා ඉදිරියට යන ජල ධාරාවේ පරිමාව වැඩි කර පීඩණය අඩු කරනවා. මේ වැඩේ පි වී සී පයිපයට කරන්න බැහැ.මොකදඒක පුම්බන්න බැහැනේ. එත් කලොත් නම් පුලුවන්. ඒත් රත් කරලා පුම්බලා ආපහු හිටපු තැනට ගේන එක නම් ලේසි නැහැ.

55744519_847977892223365_7698839031106240512_n

දැන් මේ මූලධර්මය ධමණියකට දාල බලන්න. ධමණියක් යම් හේතුවක් නිසා දරදඩු වුනහොත් මොකද වෙන්නේ. පී වී සී බටේ වගේ වෙනවා නේද? රබර් හෝස් එක වගේ අවශ්‍ය වෙලාවට පිම්බිලා පීඩණය අඩු කරගන්නට තියෙන අවස්ථාව මේ ධමණියට නැතිවෙලා යනවා යම් විදිහකට ධමණි බිත්තිය ඝණ වුනෝතින්. දැන් මේක රොකට් සයන්ස් එකක් නෙවෙයිනේ. ඕනි කෙනෙකුට තේරෙන සංසිද්ධියක්.

දැන් බලන්න ඕනි ඇයි ධමණියක් දරදඩු වෙන්නේ කියලා. ධමණියක පමනක් නොව අපගේ ශරීරයේ ඕනීම පේෂියක නම්‍යතාවය පවත්වාගෙන යන්නේ කොපර් නැත්නම් තඹ කියන මිනරල් වර්ගය මගින්. ඉතිං යම් කෙනෙකුගේ සිරුරේ කොපර් ඌණතාවයක් තිබේ නම් මොකද වෙන්නේ? ඹහුගේ සිරුරේ ඇති ධමණි ටික දරදඩු වෙන්න එය හේතවක් වෙනවා නේද? දැන් එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? රුධිර පීඩණය වැඩි වීම නොවේද?

අපි හිතමු කොපරුත් තියෙනවා. ඒත් මේ කාර්‍ය්‍ය කරන්නට අවශ්‍ය හෝමෝනයක් තියෙනවා ඒක නිශ්පාදනය අඩුවක් වෙලා කියලා. එවිට මොකද කරන්නේ. කරන්න දෙයක් නැහැ. කොපර් තිබුනත් ධමණිය පුම්බලා අර එන රුධිර ධාරාව ඉදිරියට යන පීඩණය අඩු කරගන්නට ධමණියට හැකි වන්නේ නැහැ. මේ හෝමෝනයට අපි කියනවා ප්‍රොස්ට ගැලැංඩින්ස් කියලා. මේ හෝමෝනය තමයි අපේ සිරුරේ ඇති ධමණි අවශ්‍ය වෙලාවට විස්තාරනය කරලා රුධිර පීඩණය අඩු කරලා පඨක වලට හානියක් නොවන ලෙසට අවශ්‍ය රුධිර ප්‍රමාණය ලබා දෙන්නේ. ඉතිං අපේ සිරුරේ මේ හෝමෝනය අඩුයි නම් ඒත් රුධිර පීඩණය වැඩි වෙනවා.

තවත් එක් පැත්තක් තියෙනවා. අපේ ශරීරයේ ඕනෑම පේශියක් සංකෝචනය වන්නට කැල්සියම් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම පේෂිය නැවත ඉහිල් වන්නට මැගිනීසියම් අවශ්‍ය වෙනවා. අපේ ධමණි වල රුධිරය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? බොහෝ දේනෙක් හිතාගෙන ඉන්නේ හෘදය වස්තුව සංකෝචනය වෙලා අපේ ඇගේ තියෙන ධමණි වල ඉදිරියට තල්ලු කරලා යවනවා කියලා. අපේ සිරුරේ තියෙන ධමණි වල එකට එක තියලා දිග හැරලා බැලුවහොත් ඒවා කිලෝ මීටර් 25000 ක් විතර දිගට තියන්න පුලුවන්. ඔබට හිතන්න පුලුවන්ද මේ තරම් දුරක් යන්න තරම් පීඩණයක් හෘදය වස්තුවට ඇති කරන්න පුලුවන් කියලා. සාමාන්‍ය දැනීමක් නේ. ඇත්තටම වන්නේ එය නොවෙයි. අපේ ආහාර ජීරණ පද්ධතියේ ආහාර ඉදිරියට ගමන් කරන ක්‍රමවේදයක් තියෙනවා නේද? අපි කියනවා ක්‍රමාංකුන්චනය කියලා. ඒ කියන්නේ එක තනක් පුම්බලා ඊට ඉහලින් ඇති ආහාර ටික පහලට එන්නට ඉඩ හදලා දෙනවා. ඉන් පසු ඉහල තියෙන පේෂි ටික සංකෝචනය කරලා ඒ ආහර ටික පහලට තල්ලු කරලා හරිනවා. මේ විදිහට මුඛයෙන් පටන් ගන්නා ආහාර ජීරණ පද්ධතිය ගුද මාර්ගය දක්වා ආහාර තල්ලු කරගෙන යනවා.

ඔබ ඔලුවෙන් හිටගෙන කෑම ටිකක් කෑවත් ඒ ටික ආමාශය දක්වා තල්ලු කරල යවන්න මේ ක්‍රියාවලියට හැකියි. හරිම පුදුමයි නේද? මේ විදිහටම තමයි අපේ ධමණි වල රුධිරය ඉදිරියට තල්ලු කරලා හරින්නේ. එක තැනක් ඉහිල් වුනාම ඊට කලින් තියෙන රුධිරය අදාල තැනට පිරෙනවා. ඒ සදහා ඉහිල් වුන තැනට කලින් කොටස සංකෝචනය කරනවා. මේ විදිහට අපගේ ශරීරය තමන්ට අවශ්‍ය තැනට රුධිරය ගෙනියනවා.

අපි දකුණු අතින් වැඩ කරන විට දකුණු අතට වැඩිපුර ලේ අවශ්‍ය බව අපගේ ශරිරය දන්නවා. නමුත් හෘදය වස්තුව රුධිරය බෙදාහරින්නේ කාටත් සමානව. ඒත් වැඩියෙන් වැඩකරන තැනට රුධිරය වැඩියෙන් සපයන ක්‍රමවේදයක් අපගේ ශරීරයේ තියෙනවා. එම රුධිර ප්‍රමාණය කෙසේ හෝ අදාල ස්ථානයට ගෙනියන්නට අපගේ ශරීරය අවශ්‍ය පියවර ගනී. රුධිරය අවශ්‍ය ප්‍රමාණය පීඩණය වැඩි කර හෝ ගෙනයෑමට සිදුවීම අපට නැවැත්විය නොහැක. අප කල යුතු වන්නේ පීඩණය වැඩි වීමට හේතුව සොය ඊට පිලියම් සෙවීමයි.

55924259_847977445556743_6596130886805094400_n

අපගේ මොළයේ වටේට රුධිර නාල විශාල සංඛ්‍යාවක් ඇත. දවසකට මෙම නාල හරහා ග්ලූකෝස් ග්රැම් 100 / 120ක් පමණ මොළයට සපයයි. හිතලා බලන්න කොපමණ ප්‍රමාණයක්ද කියලා. මේ ප්‍රමාණය යම් වෙලාවක වැඩි කරන්නට වුවහොත් කරන්නට ඇතිතේ වැඩි රුධිර ප්‍රමාණ්‍යක් හිස ප්‍රෙද්ශයට එවීම නොවේද? දරුවන් පාඩම් කරන කාලයට හිසේ කැක්කුම වැඩිවෙනවා දැකලා තියෙනවාද? ඇයි ඒ. පාඩම් කරන විට වැඩිපුර ග්ලූකෝස් දහනය කරන්න වෙනවා. ඉතිං ග්ලූකෝස් පමණක් මොලයට සප්ලයි කරන ක්‍රමයක් නැහැනේ. ඒ නිසා රුධිරය ඒ දෙසට ගමන් කරනවා. ඒත් එන මාර්ගය පටුයි නම් මොනවා කරන්නද? වේගය වැඩි කරලා හරි මේ ශක්තිය ලබා දිය යතු වෙනවා. මේ වේගය තමයි ධමණි බිත්තියේ ඇති වේදනා සංවේදක නියුරෝන වලට දැනෙන්නේ. මොලයේ වේදනා සංවේද නියුරෝන නැහැ. මේ නිසා කිසි දවසක මොළයේ කසිම වේදනාවක් අපිට දැනෙන්නේ නැහැ. වේදනා සංවේදක නියුරෝන ඇත්තේ හිස් කබලට යටින් සහා මොළයට පිටතින් ඇති ධමණි ආශ්‍රිතවයි. මේ අනුව ධමණි වල බිත්ති ඝණ වීම හෝ ඇතුලත ඉඩ මදීවීම කියන කරුණු නිසා රුධිර පීඩණය වැඩිවෙනවා. මේ පීඩණය මෙම ධමණියට වැඩි බව දැන්වීමට තමයි මේ වේදනා සංවේදක නියුරෝන ධමණි වලට පිටන් පිහිටා තියෙන්නේ. අපි කරන්නේ ඒ වේදනා සංවේදක නියුරෝන නිර්වින්දනය කරන එක නේද? විද්‍යාවෙන් ඉතාම උසස් මනසින් උසස් කියන අපි කරන අණුවන ක්‍රියා වලින් එකක්තමයි ඔය.

දැන් ආපහු අපි ඉහත කතා කල කොටසට යා යුතුයි. ධමණියේ රුධිරය ඉදිරියට ගෙන ක්‍රමවේදය රදා පවතින්නේ අපගේ ශරීරයේ ඇති කැල්සියම් සහ මැගිනීසියම් ප්‍රමාණයට අනුවයි. අපි හිතමු මැගිනීසියම් අඩු වුනා කියලා. එතකොට ධමණිය ඉක්මණින් සංකෝචනය වි හෙමින් ඉහිල් වේ. කැල්සියම් අඩු වුනොත් මොකද වෙන්නේ. ඉකිමණින් ඉහිල් වේ සෙමින් සංකෝචනය වේ. මේ රිද්මය අපිට මැණික් කටුවට උඩින් මාපට ඇගිල්ලට පහලින් තමන්ගේ මැද ඇගිලි තුන තබා බැලුවොත් බලා ගන්න පුලුවන්. ඔබට දැනෙනවාද නහරයක් උඩ පහල යනවා. ඒ නහරය ගැහෙන රිද්මයට ඔබේ සිත යොමු කර බලන්න. සංකෝචනය වන්නට යන වේලාව සහ ඉහිල් වන්නට යන වේලාව ගැන සිත යොමා බලන්න. ඔබගේ ශරීරයේ කැල්සියම් වල හෝ මැග්නීසියම් වල යම් ඌණතාවයක් ඇත්නම් ඔබට යම් වැටහීමක් ලබා ගන්නට හැකිවේව්. මේ දැනුවත් වීම මත ඔබට වැලදෙන්නට හැකි රෝග 278 ක් පමණ ගැන වෛද්‍ය වරයාට තීරණය කල හැකිය. දැන් ඔබ සමග කතා කරන අවස්ථාවේ අසන ප්‍රශ්න වලට අනුව ඔයගේ නියම තත්වය තේරුම් ගත හැකිය.

දැන් හිතලා බලන්න කැල්සියම් අඩු වුනා කියලා. එවිට රුධිරය ඉදිරියට තල්ලු කරහරින්නට අවශ්‍ය බලය පිටතින් ලැබෙන්නේ නැහැ. ඉතිං රුධිර පීඩණය අවශ්‍ය ප්‍රමාණයට තබා ගන්නට බැහැ. අපි හිතමු මැග්නීසියම් අඩු වුනා කියලා. එවිට අවශ්‍ය ප්‍රමාණයට ධමණිය ඉහිල් කරගන්නට බැහැ. එවිට මොකද වෙන්නේ. රුධිර පීඩණය වැඩි වෙනවා නේද? මේ අනුව රුධිර පිඩණය අඩු වෙන්නට හෝ වැඩි වෙන්නට හේතු සකස් වෙනවා.

තවත් කාරණ්‍යක් තමයි ධමණි වල බිත්තියේ කෝලස්ටරෝල් තැන්පත් වීම නිසා ඇතුලතවිශ්කම්භය අඩු වීම. ඒත් සිදුවන්නේ පීඩණය වැඩි වීමමයි.

අපි හිතමු යම් හේතුවක් නිසා රුධිරයේ ඝණකම වැඩි වුනා කියලා. ( රුධිරය ඝණ වීමට හේතු ගැන ඉදිරියේදී හෘද රෝග ගැන කතා කරන වෙලාවක සාකච්ඡා කරන්නම් ) එවිට කුමක් ද වෙන්නේ. රුධිර ඝණත්වය වැඩි වෙන විටද පීඩණය වැඩි වෙනවා. එයත් සාමාන්‍ය දෙයක්.

යම් ලෙසකට අපි හිතමු මේසේ ඝණ වෙලා යම් තැනක හිර වීමක් ඇතිවුවහොත් මොකද වෙන්නේ කියලා. එවිට අපගේ ධමණි බිත්තියේ ඇතුලතම ඇති සෛල ස්ථරය නැතිනම් එන්ඩොතීලියම ක්‍රියාත්මක වෙලා නයිට්රික් ඔක්සයිඩ් නිපදවලා වැඩි පීඩණයක් යොදවලා අදාල ස්තානය විස්ථාරණය කර රුධිරය ඉදිරියට තල්ලු කර හරිනවා. මේ ලෙසට අර රුධිර කැටිය දිය වන තුරු තල්ලු කර හරිනවා. එහෙත් යම් කුඩා තැනකට යන විටත් මේ රුධිර කැටිය එසේම තිබුනොත් හාට් ඇටෑක් එකක් හෝ ස්ට්‍රෝක් එකක් ඇති වීමට ඉඩ තියෙනවා.

දැන් අපි මෙතන කතා කලේ රුධිිර පීඩණය වැඩි වෙන්නට හේතු කිහිපයක්. එම හේතු වලින් එකක් තමයි කොලෙස්ටරෝල් ධමණි බිත්තිය ඇතුලත තැන්පත් වීම. එසේ තැන්පත් වුවහොත් වෘක්ඛ්‍ය ධමණි වල පීඩණය වැඩිවෙනවා. එය මුලු සිරුරටම බලපානවා. දැන් මා මෙම ලිපිය ලියන්නට පාදක වූ පහත දැක්වෙන කතාවට මුල හැදෙනවා.

(වකුගඩු රෝග හැදෙන්නට රුධිර පීඩණය වැඩිවීම බලපෑ හැකි බවත්. එම අධික පීඩණය හේතුවෙන් ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය කොටස් මුත්‍රා සමග පිටවිය හැකි බවත් පැවසුවා. නමුත් කෙනෙක් මගෙන් පැනයක් අසා තිබුනා මුත්‍රා වල ප්‍රෝටීන් තිබුනත් ඔහුගේ බිරිදගේ රුධිර පීඩණය සාමාන්‍ය බව. මම හිත්නනේ මේ ගැන හැමෝටම ගැටලුවක් ඇති කියලයි. ඒ නිසා ඒ පිලිබදව ටිකක් කතා කරන එක හොදයි කියලා හිතුවා. ඒනිසයි මේ ටික ලිව්වේ.)

‍මෙය යම් ලෙසකින් ඔබට ප්‍රෙයා්ජනවත් වූවානම් තවත් කෙනෙකුට නිර්ලෝභීව ප්‍රධානය කරන්න. ඔවුන්ටත් ඔබ උගත් දේ කියා දෙන්න. මේම ලිපිය ෂෙයාර් කරන්න. මා සමග පුද්ගලිකව කතා කරන්නට හෝ යම් ගැටලුවක් සාකච්ඡා කරන්නට අවශ්‍ය නම් TELEGRAM APP එක ඩවුන්ලෝඩ් කරගෙන පහතලින්ක් එකෙන් මාගේ පුද්ගලික ගෘප් එකට එක් වන්න.

අධිරුධිර පීඩණය ගැන තවත් කරුණු මීලග කොටසින් ලියන්නට බලාපොරොත්තු වෙමි.

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

 

One Reply to “අධිරුධිර පීඩණයට ඇතිවන්නට හේතු කිහිපයක්. (1 වන කොටස)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *