මනසට නිතරම අසුභ සිතිවිලි පහලවන බවත් සැම විටම ඍණාත්මකව සිතන්නට පුරුදුව සිටින බවත් එයට යම් පිලියමක් ලබා දෙන ලෙසට අසා තිබූ පැනයට මා දුන් පිළිතුරක්.

මනසට නිතරම අසුභ සිතිවිලි පහලවන බවත් සැම විටම ඍණාත්මකව සිතන්නට පුරුදුව සිටින බවත් එයට යම් පිලියමක් ලබා දෙන ලෙසටත් එක පැනයක් අසා තිබුනා. මාද එයට යම් පිලිතුරක් දෙන්නට උත්සහා කලා.

අපේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවන් පාලනය කරන්නට හෝමෝන හෝ නියුරෝ ට්‍රාන්ස් මීටර්ස් අවශ්‍ය වෙනවා. හොමෝන රුධිරය හරහාද නියුරෝට්‍රාන්ස්මීටර්ස් ස්නායු හරහාද ගමන් කරනවා. කෙසේ හෝ මේ දෙවර්ගයම අපේ ශාරීරික සහ මානසික ක්‍රියාවලදී අවශ්‍ය වෙනවා. මනසේ යම් වෙනසක් වන විට කයද ඊට ප්‍රතිචාර දක්වනවා. භයක් ඇතිවන විට ඇගේ මයිල් කෙලින් වෙනවා. බල්ලෙක් එලවං එනවා නම් දුවන්න ශක්තිය අපිට ලැබෙන්නේ ඇඩ්රිනලින් ශ්‍රාවය වන නිසා. ටිකක් දිග හුස්මක් ගත්තාම හිතේ බර සැහැල්ලු වෙනවා. මේවා සිතා බලන්න. කය සහ මනස වෙන් කරන්නට යෑමෙන් අපි බොහොම ගැටලු හදාගන්නවා.

අපි ඉහත කී හොමෝන අපේ සිරුරේ නිපදවන්නට ඕනි. ඒවා නිපදවන්නට යම් යම් පෝෂ්‍ය කොටස් අවශ්‍ය වෙනවා. එසේ නැතිව ඒවා නිපදවන්නට විදිහක් නැහැ. දැන් ඔබට තිබෙන්නේ ඩොපමින්, සෙරොටොනින් වැනි නියුරෝට්‍රාන්ස්මීටර් වල ඌණතාවයක්. මේවා මොළයේ නිපදවිය යුතුයි. එසේ නැත්නම් අපිට ධනාත්මකව හිතන්නට බැහැ.

මානසික වෛද්‍ය වරයෙකුට හැකියි ඔබට උපදෙස් දෙන්න. නමුත් එතුමාට බැහැ ඔබ කන ආහාරවේලේ ඇති පෝෂණය ලබා දෙන්න. එය ඔබම කරගත යුතුයි. ඔබගේ ආහරවේලේ අදාල පෝෂ්‍ය කොටස් තිබිය යුතුමයි.

‍ඩොපමින් නිපදවීමට පහත දැක්වෙන ආහාර උපයෝගි වේ.

  • ආමන්ඕ
  • අලිගැට පේර
  • කෙසෙල්
  • මස් කිරි බ්තිතර කුකුල් මස්
  • ලීමා බෝංචි
  • තල සහ වට්ටක්කා ඇට

‍සෙරොටොනින් නිපදවීම සදහා උපකාරී වන ආහාර

  • වට්ටක්කා ඇට
  • සෝයා
  • චීස්
  • හරක් මස්, ඌරුමස්
  • කකුල් මස් ටර්කි මස්
  • ටූනා මත්සයා
  • කකුළුවා
  • ඕට්ස්
  • පරිප්පු සහ කවුපි
  • බිත්තර
  • කිරි

‍කෙසේ හෝ මෙම ආහාර ඔබ දිනපතා ලබා ගන්නවා නම් ඔබට අදාල හෝමෝන හෝ නියුරෝට්‍රාන්ස්මීටර්ස් නිපදවා ගන්නට අවශය පසුබිම සකස් වෙනවා. එවිට කෝටිසෝල් ඇඩ්රිනලින් වැනි හෝමෝන ශ්‍රාවය විම අඩු වෙනවා. මේ ලෙසට ඔබට ධනාත්මකව සිතන්නට පුසුබිම කය විසින් සකස් කර දෙනවා. මේ විදිිහට ‍තම මනස සහ කය ගැන සිතා බලා කටයුුතු කරන්න.

බොහොම ටිකයි ටයිප් කලේ කමෙන්ට් එකක් නිසා. කියන්නට ඇති දේ නම් බොහෝමයි. හැකිවුනොත් හෙට අනිද්දා ලියන්නම් අවශ්‍යතාවය අනුව.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *