ආහාර රටාව වෙනස් කරගන්නා අයුරු.

60275043_878083409212813_5648183685627772928_n

ආහාර රටාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා බඩගින්න කියන්නේ මොකක්ද කියලා දැනගත යුතුයි. ගින්න කියන්නේ වේදනාවක්. හිසේ වෙදනාවක් හටගන්නවා මොලය පැත්තට යන ධමණි වල ගමන් කරන රුධිරයේ පීඩණය වැඩි වුනාම. ඒ පීඩණය වැඩි බව අපට දන්වන සංඥාව තමයි හිසේ කැක්කුම. ඒක මොළයට සම්බන්ධ නැහැ. මොකද මොළයේ වේදනා සංවේදක නියුරෝන නැහැ. නමුත් හිසේ කැක්කුම දිගටම තියෙන කෙනා ඉකිමනට ගිහිං MRI එකක් කරගන්න තමයි බලන්නේ. මොකද මොලයේ ගෙඩියක්වත්ද දන්නේ නැහැ කියලා. ඉතිං දොස්තර මහත්තයත් ඔබට කිසි ලෙඩක් නැහැ කියලා ඔබට පේන් කිලර් ටිකක් දීලා ගෙදර යවනවා. වෙන මොනවා කරන්නද?

‍මේ වගේ අපේ ශරීරය අපට හිතන්නට සලස්වන සංඥාව තමයි වේදනාව කියන්නේ. කුසට වේදනාවක් දීලා තමයි අපේ මොළය සිරුරට අවශ්‍ය පෝෂණය ගැන දන්වන්නේ. අපි හිතන්නේ බඩ හිස් වුනාම තමයි බඩගිණි වෙන්නේ කියලා. එහෙම නම් රාත්‍රී අටට කෑම කාලා උදේ අටට උදේට කන අයට මොන ගින්නක් තියෙයිද රාත්‍රී කාලයේ. එහෙම එකක් නැහැනේද?

මම තවත් විදිහකට කියන්නම්. … දැන් අපි කුරක්කං වලින් හදපු රොටි කන්න ගත්තා කියමුකෝ. ඒ රොටී කන්න පුලුවන් හරිම ටිකයි. ඒ මොකද? අර වේදනාවට හේතුව වන පෝෂණය අර එක රොටියේ තියෙන නිසා. නමුත් මේ කෙනාම පහුවදාට පාන් පිටි වලින් හදන රොටියක් කාල බලන්නකෝ මදි නේද කියලා. දෙකක් වත් කන්න වෙනවා. ඒ ඇයි. පහුවදාට බඩ ලොකු වෙලා නෙවෙයිනේ. අර මොළය විසින් ඉල්ලා සිටි පෝෂණය දැන් ලැබෙන්නේ නැහැ. ඉතිං ආමාශයේ තරමට පමණක් කනකං ඉදලා මේ මෝඩයාට මම කිියන දේ තේරෙන්නේ නැහැනේ කියලා හිතලා අර ගින්න නිවලා දානවා. අනේ ඉතිං මේ බඩ පුරවා ගත්ත ටික පහලට යන්න තව පැය දෙකක් විතර යනවා. ඉතිං එතකං ආපහු අර මුලින් දිපු සංඥාව දෙන්නට විදිහක් නැතුව ඉන්නවා. පැය දෙකක් තුනක් යනවිට ආපහු අර සංඥාව නිකුත් කරනවා. පෝෂණ්‍ය කෝ…. පෝෂනය කෝ… කියලා තමයි කෑ ගහන්නේ මේ භාෂාව දන්නේ නැති අපේ කට්ටිය ආපහු අර පිටි ගුලියක් ඔබනවා. අනේ ආපහු අර පෙර දේමයි. මොළයට මේ ටික කතා කරලා කියන්න විදිහක් තිබුනා නම් හරි. ඒත් එහෙම නැහැනේ.

දැන් මේ විදිහට දවසට හතර සැරයක් විතර කන්න ගිහයම මොකද වෙන්නේ. පෝෂණය කෙසේ වෙතත් කැලරි ගාන දවසකට වැය කරන ගානට වඩා වැඩි වෙනවා. පිටි ග්රෑම් එකක තියෙනවා කැලරි 4ක්. මේ විදිහට ග්රෑම් 600 ත් තෑවොත් කැලරි 2400 ක් එතනම ඇවිල්ලා. අමතරව කන කෑම වලින් තවත් එකතු වුනාම කැලරි 3000 ක් විතර වෙනවා. නමුත් දවසට අපි කැලරි 2100 ක් විතර තමයි වැය කරන්නේ. ඉතිං මොකද කරන්නේ අමතර කලරි ටික පස්සේ ප්‍රෙයා්ජනයට ගන්න බලාගෙන සමට යටින තැන්පත් කරනවා මේදය ලෙසට. මේදය ග්රෑම් එකක් හදන්න කැලරි 9 ක් ඕනි. මේ අනුව ඉතිරි කැලරි 900 මේදය ග්රෑම් 100 ක්ලෙසට තැන්පත් වෙනවා. දැන් ඉතිං දවස් දහයක් ඇතුලත කිලෝ එකක් බර වැඩිවෙන ආකාරාය මම ගනන් හදන්නට අවශ්‍ය නැහැනේද ?

අපි එක දවසක් කුරක්කන් වලේ දෙයක් එලවලු තම්බලා වගේ ආහාරයක් ගත්තම බඩගින්නත් නිවෙනවා. ඊට අමතරව අර වගේ ඉක්මනට බඩගිනි වෙන්නෙත් නැහැ. මොකද දැන් අපේ මොළය විසින් ඉල්ලා සිටි පෝෂණය අපි දීල තියෙන්නේ. ඉතිං නිකං අනවශ්‍ය ලෙසට ඉල්ලන්නේ නැහැ. තවත් කාරණයක් තමයි ජලය අවශ්‍ය පමණට පානය නොකිරීම. ජලය කියන්නෙත් අත්‍යවශ්‍ය පෝෂණයක්. ජලය නැතිව කිසිම දෙයක් කරන්න බැහැනේ. දැං ඉතිං ජලය හැකි තරම් පානය කරන්නත් ඕනි. මේ විදහට කරගෙන යනවිට දවසට ගන්න කැලරි ගාන වැය කරන කැලරි ගානට වඩා අඩු වෙනවා. ඒත් ඉතිං දිනකට අවශ්‍ය 2100 ක් විතර කැලරි ගණන අපි වැය කරන්නම වෙනවා. ඒවට තමයි අර තැන්පත් කල මේදය තියෙන්නේ. ඒවා ඉක්මනට අයින් කරගන්නටයි අපේ මොළය සැමවිටම කල්පනා කරන්නේ. ඒත් අවශ්‍ය පෝෂණය නැති නිසාත් මොළයේ භාෂාව තේරුම් නොගැනීම නිසාත් මේ ෆැටි එක එන්න එන්නම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ.

දැන් මයි මාතෘකාව. ආහාර රටාවෙ වෙනස් කරගන්නේ කෙසේද?

ආහාර රටාව වෙනස් කරගන්නට නම් මුලින්ම කැප කිරීමක් කරන්න වෙනවා. මොකද අපේ පුරුද්දක් නැති කරගන්න නම් කැප කරන්නම වෙනවා. අපි දැන් දිවට දැනෙන රසට පුරුදු වෙලා තියෙන්නේ. අපේ සීයලා බත් කාල බුලත් විටක් කෑව නේද? ඇයි ඒ. බත් කෑවට පසු ඒ රසසමග හුරතල් වෙන්න හොද නැහැ. කාපු දේ කැව අවසානයි. දැන් ඒ රස දිවෙන් ඉවත් කරන්න ඕනි. නැත්නම් ඒ රසය ආපහු ඉල්ලනවා. ඒ පුරුද්දට. හරිම සාර්තක ක්‍රියාවලියක්. මේ කිව්වේ එක ක්‍රමයක්. නමුත් පාන් පිටි වැනි පිෂ්ඨය වැඩි ආහාර වලින් වැලකෙන්නම වෙනවා. තද රතු හාල් ගෙදර ගේන්න. සුදුපාට හාල් ගේන එක නවත්වන්න. කොළවර්ගයක් අනිවාර්‍ය කරන්න ගෙදර සැම වේලටම. මේ විදිහට සුදුහාල් කන්න පුරුදු වෙලා සිටින පවුල් වල අයට දඩුමක් දුන්නා වාගේ වෙයි මේ වැඩේ. ඒත ්කමක් නැහැ මාස තුනක් මේ කටයුත්ත අමාරුවෙන් කරගෙන යන්න. ඉතාමත් අමාරුයි. ඉන් පසු පුලුවන් නම් නැවත සුදුබත් කන්නට ගෙදර අයට හුරු කරන්න. ඔබට කවදාවත් බැරි වේවි. මොකද මොළයට සං:ඥාවක් ලබා දුන්නොත් මේක තමියි හොද කියලා එයා කිසි විටක නරක කෙනාට කැමැත්ත දෙන්නේ නැහැ. එය අප්‍රිය කරනවා. ඒත් මේ තත්වයට එන්නට ටිකක් මහන්සි වෙන්න වෙනවා.

‍මේ කාලය තුල පාන් පිටි සපුරා තහනම්. මාස තුනට පසු හැකිනම් කාලා පෙන්වන්න. ඔට්ටුයි බැරුවට. තව ටිකක් පසුව ලියන්නම්.

වැදගත් කියලා හිතුනොත් ෂෙයා කරලා තව්ත කෙනෙකුට දැනගන්නට සල්ස්වන්න.

පාඨක පැනයකට පිලිතුරක්.

සුදු පාට සහල් සහ තද රතුපාට සහල් අතර පොඩි වෙනසක් කියන්නම්.
සුදු සහල් ග්රෑම් 100 ක මැග්නීසියම් මිලිග්‍රෑම් 10 ක් තියෙනවා.
තද රතු පැරණි හෙළ සහල් ග්රෑම් 100 ක මැග්නීසියම් මිලිග්‍රෑම් 110 ක් තියෙනවා.

රතු බත් කප් එකක. සෙලේනියම් මයික්රෝ්ග්‍රෑම් 19.1 ක් තියෙනවා. ඒ කියන්නේ දවසකට අවශ්‍ය ප්‍රමාණයෙන් 33% ක ප්‍රමාණයක්. තුන්වේලට මෙවැනි රතු සහල් බත් කන කෙනෙකුට පිලිකා හැදෙන්න තියෙන ඉඩ විශාල වශයෙන් අඩු වෙනවා. එය ඇමෙරිකාවේ FDA ආයතනය පිලිගෙන අවසන්. දැන් ඒ රටේ සියලු ලදරු ආහාර වලට සෙලේනියම් එකතු කරන්න කියලා රජයෙන් නියෝග කරලා තියෙනවා.

ඒ රටවල එමෙ වුනාට අපේ රටේ එහෙම නැහැ. මේවා හෙලි කරන අපි තමයි වැරදිකාරයෝ කරන්න බලන්නේ.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~

https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J. S. P Liyanage: 0112 735 621

‍මෙත් සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *