දීර්ඝ කාලීනව සප්ලිමන්ට් ගැනීම ගැන කෙටි පැහැදිලි කිරීමක්.

දීර්ඝ කාලීනව සප්ලිමන්ට් ගන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ මාස හතරක කාලයක් ස්වභාවික පෝශ්‍ය කොටස් සහිත සප්ලිමන්ට් ලබා ගැනීමයි. හරියට බැංක් ලෝන් එකක් අරං ව්‍යාපාරයට අවශ්‍ය කැපිටල් එක සොයා ගන්නවා වාගේ වැඩක්. එයට යම් මුදලක් වැය කරන්න වෙනවා.

නමුත් අපි බැංකු ණය අරගෙන ඒ සල්ලි නිකං වියදම් කලොත් සිදු වන දේ මම කියන්න අවශ්‍ය නැහැ. වෙනත් ගිණි පොලී කාරයෙක් පසු පසගොස් ආපහු සල්ලි ගන්න වෙනවා. මේකත් ඒ වගේ තමයි.

සප්ලිමන්ට් ගන්න කෙනා මුල්න්ම තම ආහාර රටාව වෙනස් කරගන්න ඕනි.

  • පාන්පිටි.
  • බාර්ලි.
  • ඕට්ස්.
  • ගැඹුරුතෙලේ බදින ආහාර.
  • බාබකියු ආහාර.
  • නයිට්රේට් අඩංගු මස් වර්ග.
  • මාගරින්.
  • සුදු සීනි.
  • කිබනේටඩ් බීම මේවා නතර කරන්න ඕනි.

දැන් ඉස්සර වගේ නැතුව කලින් නිදා ගන්න ඕනි. මොකද අක්මාවට අවශ්‍ය විවේකය ලබා දෙන්නට. අඩුම කානේ රාත්‍රී 10ටවත් නිදාගත යුතුයි.
වතුර අවශ්‍ය පමණ බොන්න ඕනි. හොදට එලියට බැහැලා සෙරෙප්පු දාන්නේ නැතුව අවිදින්න ඕනි. දවසකට පැයක්වත්.

එලවලු වැඩිපුර සහිත ප්‍රෝටීන්, මේදය සහිත ආහාර වේලක් ලබා ගත යුතුයි.

මේසේ ලබා ගන්නා අතර මින් පෙර ඇතිවූ ඌණතා සපුරාගන්නට තමයි අපි සප්ලිමන්ට් ගන්නේ. අර විදිහට අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කලාම මාස හතරක් ඇතුලත අපගේ ශරීරයට අවශය පෝෂ්‍ය කොටස් ආහාර මගින්ම ලැබෙන්න ගන්නවා.

අපි හිතමු යම් කෙනෙකුට මේ කියපු විදිහට කරන්න බැහැ කියලා. එවිට ඉතින් වෙන විකල්පයක් නැහැ. සප්ලිමන්ට් දිගටම ගන්නවා හැරෙන්න. නමුත් එය අපරාදයක්.

විටායිජීන් කන්න කෙනෙකුට වුවත් අප පවසන්නේ මාස හතරක් ගන්න කියලයි. නමුත් චර්ම රෝග සහ දියවැඩියාව වැනිරෝග ඇත් අයට ටිකක් වැඩි කාලයක් ගත යුතු වෙනවා.

අනෙක් අය මාස හතරකට පසු දිගටම ගන්නවා නම් දවසකට ග්රෑම් එකක ප්‍රමාණයක් ගත්තත් ඇති. නමුත් අප ඉහත කී ජීවන රටාවට හුරුවන්නට අමතක කරන්න එපා.
සප්ලිමන්ට් දිගට ගත්තා කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ එම සප්ලිමන්ට් ස්වභාවික නම්. නමුත් කෘතිම නම් එය භයානකයි.

උදාහරණයක් ලෙස විටමින් බී12 ගැන කියන්නම්.

ෆෙස් බුක් එකේ පෝෂණය ගැනකතා කරන එක් අයෙක් ගේ පිටුවේම තියෙනවා විටමින් බී 12 කියන්නේ සයනොකොබැලමින් කියලා. සයනොකොබැලමින් කියන්නේ විටම්න් බී 12 කෘතිම කාණ්ඩයට. ස්වභාවික විටමින් බී 12 තියෙන්නේ මෙතලොකොබැලමින් කියන රසායනිකයයි. සයනකොබලමින් වල අපගේ අක්මාවට හානි කරන සයනයිඩ්ද මෙතල කොබලමින් වල අපටග් සිරුරට අහිකර නැති මීතයිල්ද අඩංගුයි. නමුත් මෙතලොකොබලමින් මිල සයනොකොබලමින් වල මිනට වඩා සිය ගුණයක් පමණ වැඩි නිසා මිල අඩු එකට යන එක පාරිභෝගිකයාගේ සිරිත වි තියෙනවා. නමුත් සයනයිඩ් ටික ටික දිනපතා එකතුවී දීර්ඝකාලයක් නයවිට අක්වාවට හානි වී සිරෝසිස් රෝගියෙක් බවට පත්වීම නැවැවතිවිය නොහැකියි.

මම ඉහත දැක්වූ වෙබ් පිටුවේ එසේ සයනොකොබැලමින් ලෙසට සටහන් කර ඇත්තේ මේ ගැන නොදැනුවත්ව යැයි මා සිතනවා.

මේ නිසා සප්ලිමන්ට් ගැන දැනගන්නට මේ ගෘප් එක භාවිතා කරන්න. එය ඉතාමත් වැදගත්.

‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~
https://t.me/nayana

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.

අජන්ත: 0777 31 66 29
චතුරිකා: 071 66 27 638
Dr. J. S. P Liyanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *