අකාමාව සහ පිත්තාෂය සුද්ධ කලා.

පහත දැක්වෙන පින්තූරයේ තියෙන්නේ මොනවාදැයි ඇසූ පැණයට දෙදෙනෙක් පමණ නිසි පිලිතුර දීල තිබුනා. ඒ තමයි පිත ඝණ වීම. එයට සිදු කරන ප්‍රතිකාරයක්ද එක් මහතෙක් ප්‍රකාශ කර තිබුනා. මම මේ ප්‍රතිකාරය කල ආකාරය ඔබ සැමට ගෙන එන්නයි මේ සූදානම.

80734090_1059494

මා සිංගප්පූරුවේ සිටින එක් ලිවර් ඩිටොක්ස් කිරීම ගැන ප්‍රසිද්ධ වෛද්‍ය වරයෙක් හමු වෙන්නට ගියා. ඔහුගේ මිතුරෙකු සමග ඔහුගේ නිවසටම ගිය නිසා මට ටිකක් වෙලා කතා කර කර ඉන්නටද ඉඩ ලැබුනා. ඔහු චීන ජාතිකයෙක්. ඔහු පවසන ආකාරයට සෑම මිනිසෙකුම තමන්ගේ අක්මාව වසරකට වරක් විශ හරණය කල යුතුයි. එවිට රෝගාබාධ බොහෝ ගණනකින් වැලකී සිටිය හැකියි. අපි දන්නා ආකාරයට අක්මාව හෝමෝන වර්ග 500 කට අධික සංඛ්‍යාවක් නිපදවන අපගේ ශරීරයේ තියෙන විශාලම ග්‍රන්ථිය. බර ගත්තොත් කිලෝ 1.5 ක් විතර වෙනවා. ප්‍රමාණය ෆුට් බෝලයක් තරම් කියන්න පුලුවන්. පොඩි නැහැනේද?

අක්මාවේ නිපදවන ප්‍රධානම රසායන ද්‍රව්‍යයක් තමයි පිත කියන්නේ. දිනකට සාමාන්‍ය මිනිසෙකු පිත ලීටරයක් හෝ ඊට වැඩියෙන් නිපදවනවා. සමහර අය ඒ තරම් වතුර බොන්නේවත් නැහැ. ඒත් අක්මාව තමාගේ වැඩේ කරගෙන යනවා. මේ පිතේ ඇති ජලය ඉවත් කරලා 1/10 ක පමණ සාන්ද්‍රනය වැඩි කරලා පිත්තාශය කියන අක්මාවට පහලින් ඇති මල්ලක් වැනි පිත්තාශය නැමති කුඩා පැසක තැන්පත් කරනවා. පිතේ ප්‍රධානම කාර්‍ය්‍ය තමයි මේද ජිර්ණය කිරීම පිනිස අවශ්‍ය භාශ්මිකතාවය සකසා දීම. මේදය සහිත ආහාරයක් ගත් විගස මෙම පිත්තාශය තමන් සතුව ඇති පිත ටික ටික පහලට එන්නට සලන්වනවා. එසේ පිත්ත නාලය ඔස්සේ එන පිත ග්‍රහණියේදි මේදය පිත සමග මිශ්‍රවී ජීරණ ක්‍රියාවලිය පහසු කරවීමට අවශ්‍ය තෛලේදකරනය සිදු කරනවා. මේ නිසා ග්‍රහණියෙන් පහලට යන තෛලෝද කරණය වූ මේදය අන්ත්‍රවලදී ජීරණ ක්‍රියාවලිය සිදුකර අවශෝෂනය කරගන්නවා.

සංකීර්ණ ක්‍රියාවලිකය් තමයි මේ කෙටියෙන් කිව්වේ. අපි අසා තියෙනවා පිත්තාශයේ ගල් ඇතිවෙන තත්වයක් ගැන. මෙසේ ගල් ඇති වුනාම පිතත්තාශය තුල පිත ගබඩා කරගන්නට නොහැකි වෙනවා. මෙහිදී ගල් ඇතිවෙන්නට කලින් පිත ඝණ වෙනවා. එහි ඝණ වීමට හේතුව පිත නිපදවීමට කොලෙස්ටරෝල් භාවිතා කිරීම විය හැකියි. කොලෙස්ටරෝල් ඔක්සිකරණය වී මෙසේ ඝණ වෙනවා වන්නට පුලුවන්. කෙසේ හෝ මෙසේ ඝණ වන පිත පිත්ත නාල වලින් එලියට එන්නට නොහැකිනිසා පිත්තාශය තුලම දිර්ඝ කාලයක් පවතිනවා. පසු කාලීනව පිත්තාශයේ ගල් ඇතිවෙනවා.

‍මේ අතර අක්මාවේද මේ වගේම ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ තමයි ෆැටි ලිවර්. ෆැටි ලිවර් කියන්නේද කොලෙස්ටරෝල්මයි. කොලෙස්ටරෝල් ලිවර් එකේ බැදෙනකොට ෆැටි ලිවර් කියන නම යොදනවා විතරයි. කොලෙස්ටරෝල් මෙහිදීද ඔක්සිකරණයට භාජනය වෙන්නට පුලුවන්. එසේ ඔක්සිකරණය වන කොලෙස්ටරෝල් කැටි ගැසී අක්මාවේ ඇති නාල වල හිර වෙන්නට පුලුවන්. එසේ හිර වුනොත් අක්මාව නිපදවන පිත සහ 500 ක් පමණ වන හෝමෝන අක්මාවෙන් පිටතට ඒමට නොහැකි තත්වයකට පත්නෙවා. එය එකි නෙකාට ඇති ෆැටි ලිවර් ප්‍රමාණය අනුව වෙනස් වෙන්නට පුලුවන්.

දැන් මම අර ඩොක්ටර් එක්ක කල කතාවේදි දැනගත් දේවල් ටිකත් කියන්නම්. ඔහු ලිවර් ක්ලෙන්ස් කරන්න ක්‍රමයක් හදලා තියෙනවා. ඒ සදහා ඔහු මැග්නීසියම් ඔක්සයිඩ්, ඕගනික් ඔලිව් තෙල්, ඕගනික් ග්‍රේප් ෆෘට් ජූස් සහ සීනි සහ ලුණුද, ප්‍රෝ බයෝටික්ද යොදා ගන්නවා.

මුලින්ම මෙම ලිවර් ක්ලෙන්සින් ක්‍රියාව කරන්නට හදන කෙනා දින හයක් පමණ වෙජිටේරියන් වෙනවා නම් හොදයි. ලිවර් ක්ලෙන්සින් එක පටන් ගන්න කලින් හොද ක්ලොරෙල්ලා වලින් නිපදවන සප්ලිමන්ට් එකක් උදේ හවස ගන්න කියනවා. එය ගන්නට කියන්නේ අක්මාවේ විෂ හරණය කරන්නට පෙර අක්මාව ශක්තිමත් කල යුතු නිසා. මා සතුව විටායිජීන් ඇති නිසා මා එය භාවිතා කලා. දින හතරකට පසු දිනයේ උදේ සිට ආහාර ඉතාමත් සිමිතයි. උදේට කැද ටිකක් පමනයි. මස් මාලු බැහැ. වෙජිටේරියන් වෙන්න ඕනි. දවල්ට සුප් එකක් පමණයි. රාත්‍රියට ආහාර බැහැ. රාත්‍රී 8 ට පමණ මැග්නිසියම් ඔක්සයිඩ් කරල් 4ක් මද රස්නෙ වතුර මිලි ලීටර් 200 ක දිය කරලා බොනවා. රාත්‍රී 10 ට ග්රේප් ෆෘට් ජූස් මිලි 150 කට ඔලිව් ඔයිල් සමාන ප්‍රමාණයක් ගෙන කලවම් කරලා බොනවා. බීපු ගමන් නිදා ගන්න ඕනි. නිදාගන්නේ දකුණු අත යට වන ලෙසටයි. විනාඩි විස්සක් හෝ ඊට වැඩි කාලයක් මෙසේ නිදාගෙන ඉදලා ඊට පස්සේ අවශ්‍ය නම් වැසිකිලියට එහෙම ගියාට කමක් නැහැ.
‍දැන් රාත්‍රියට වතුර බොන්න බැහැ. අවශ්‍ය නම් පොඩි ප්‍රමාණයක් අර ජූස් එක බොන්න පුලුවන්. උදේ පහට පහමාරට වැසිකිලි යන්නට ඉතා දැඩි උවමනාවක් එනවා. ඉතිං යන්න ඕනි. පලවෙනි පාර මෙසේ ගියාට පසු උදේ 8 ට ආපහු පෙර පරිදිම මැග්නීසියම් ඔක්සයිඩ් කරල් දෙකක් උණු වතුරේ දියකරලා බොනවා. දැන් ආපහු වැසිකිලි යන්නට වෙනවා. මේ වෙලාවේ අමුතු දෙයක් කරන්න වෙනවා. ඒ ඩොක්ටර් දෙනවා වට්ටියක්. ඒ වට්ටිය කොමෝඩ් එක ඇතුලේ තියලා තමයි මළපහ කරන්න ඕනි. දැන් නම් හොදින් බඩ එලිය යනවා. එසේ ගිය පසු අර වට්ටියේ තියෙන මළ වලට ෂවර් එකෙන් හොදින් ප්‍රෙෂර් වන ලෙසට සොදා හරිනවා. මෙහි ඉතිරිවන ටික ෆොටෝ එකක් අරං තියාගන්න ඕනි. දැන් 10 ට ආපහු අර පෙර පරිදිම තවත් මැග්නිසියම් ඔක්සයිඩ් කරල් දෙකක් වතුර සමග බොනවා. 10 ට විතර ආපහු අර පෙර පරිදිම වැසිකිලි ගොස් අවසානයේ ෆොටෝ ගහ ගන්න ඕනි. මේ විදිහට දවල් දොලහා වෙනකම් විතර කිහිප සැරයක් යන්න වෙනවා.

‍දොලහෙන් පසු ටිකක් අඩුයි. මේ වෙලාවට අර සීනි සහ ලුණු මිශ්‍රණය වතුර සමග දියකර බෙනවා. ඉන් පසු යම්ක කන්න පුලුවන්. ඒත් වැඩිය බර දේවල් කන්න බැහැ. කැද වගේ දෙයක් තමයි. රාත්‍රියටත් ඉතාම්ත් සරල දෙයක් ආහාරයට ගන්න පුලුවන්. රාත්‍රි නින්දට පෙර අර ප්‍රෝ බයෝටික් එකක් වතුර සමග බොනවා. මේ අනුව දිනය අවසන් වෙනවා. එදා කොහේවත් යන්න බැහැ.

දැන් මෙසේ අපගේ ආහාර මාර්ගයෙන් එලියට ආපු පිත්තාෂයේ තිබුනු ඝණ වුනු තෙල් තමයි මේ. මේවා යම් දවසක ගල් බවට පත් වෙනවා. එදාට මේවා මේ විදිහට එලියට ගන්නට බැහැ.

ඇයි ඔලිව් ඔයිල් බොන්නට දෙන්නේ.

වැඩි මේදය ප්‍රමාණයක් ආහාර ජීරණ පද්ධතියට ඇතුල් වෙනවාත් සමගම අක්මාව උත්තේජනය වී වැඩි පිත ප්‍රමාණයක් නිපදවන්නට බලනවා. එය අක්මාව ක්ලෙන්ස් කරගන්නට පහසුවක් වෙනවා.

ඇයි මැග්නීසියම් ඔක්සයිඩ්.

මැග්නීසියම් වලට පුලුවන් අපගේ සිරුරේ තියෙන නාල විස්තාරණය කරන්න. ඒ නිසා මෙම ස්වභාවික රසායනිකය යොදාගන්නවා පිත්ත නාල විස්තාරනය කරගන්නට. මෙසේ විස්තාරණය වන නිසා අක්මාව සහ පිත්තාශය තුල එකුවි ඇති ඝණ වූ කෝලස්ටරෝල් පහතට එන්නට බලනවා. ඒ නිසා අපට කිසිම අපහසුවකින් තොරව පිත්තාශයේ සහ අක්මාවේ තිබෙන තද වූ මේදය බඩවැල් වලට එක් වෙනවා.
ඇයි ග්රේප් ෆෘට්.
ඝණ වී ඇති පිත් ගල් ඇත්නම් ඒවා සුමට සහ නම්‍යශීලී කරගැනීම සදහා.
මේ අනුව මාද ඊයේ සහ පෙරේදා දිනයේ මේ ක්ලෙන්ස් එක කලා. එහි ඡයා රූප තමයි පහත දක්වෙන්නේ. සමහර ඒවා සෙන්ටි මීටර් එකක් පමණ විශාලයි. සමහර ඒවා තදයි. කෙසේ හෝ අවුරුදු 48 කට පසු පිත්තාෂය සහ අකමාව පිරිසිදු කරගත්තා.
මේ අත් දැකීම ඔබ හා බෙදා ගන්නයි මා මේ ලිපිය ලියන්නේ. මෙය සිදු කරීමය ප්‍රධානම හේතුවක් වූයේ මා විසින් සිදු කල මාගේ බයෝ රෙසොනන්ස් පරීක්ෂාවේදී පිත්තාශයේ **Cholecystitis **ලෙසට ටිකක් දරුණු විදිහට පෙන්නුම් කිරීමයි. මා ඒ නිසා මෙම ක්ලෙන්ස් එක හැකි ඉක්මනින් සිදු කලා. ඇත්තටම මට දැන් යම් සහනයක් තියෙනවා.

‍මේ සදහා මම වැයකල මුදල නම් ටිකක් වැඩියි. එක වරක් ක්ලෙන්ස් කරන්නට ඩොලර් 150 ක මුදලක් වැය වුනා. මෙය ලංකාවේ සිදු කලා නම් මිට වඩා අඩු ගානකට කරන්නට හැකියි. අපි බලමු ඉදිරියේදී මේ වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වේවිද කියලා.

ප්‍රශ්න ඇත්නම් පහත කමෙන්ට් වලින් කතා කරමු.

සියළු පොටෝ දැම්මේ නැහැ. සමහරු කන ගමන් ලිපි කියවන නිසා.😃😄😁

මෙම ක්ලෙන්ස් එක සුදුසු කාටද නුසුදුසු කාටද වගේ කරුණු අපි ඊලග කොටසින් කතා කරමු. මේ පිලිබද වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක්වන්න. ලිපි ෂෙයාර් කර තවත් කෙනෙක් නිරෝගීව තබන්නට උපකාර කරන්න. තමන් දෙන දේ තමන්ට නැවත ලැබෙන ධර්මතාවයට අනුව එය ඔබගේ සිරුරේ නිරෝගීතාවයට හේතු වෙනු නිසැකය.

මෙත් සිතිනි.!

පෝෂණ වේදී.
නයන තේනුවර
( +6583956095 වට්ස් ඇප් වලින් ගන්න පුලුවන්. මුලින් මැසේජ්කර පසුව අමතන්න.)
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්.
ගල්කිස්ස.

0112735621
0777316629

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *