රම්පේ කතාවට ඌණ පූරණයක්.

රම්පේ ශාඛය විෂ උරණ ශාකයක් බවට අදාල ලිපියට හේතු වූ ලිපිය තුලම පවතිනවා. නමුත් ඒ ලිපිය තුලම එම විෂ නැවත ආහාර වලට මුදා හරිනවා කියන වැරදි මතය නිසයි රම්පේ ගැන අපට ලිපියක් ලියන්නට සිදු වුනේ. එම ලිපියේ අපි කතා කලා ගොටුකොල ගැනත් ගොටුකොළ කියන්නේ ඕනිම විෂක් උරාගත හැකි ශාඛ්‍යක්. ඒ නිසාම අපි ගොටුකොළ ගන්නවා ශරීරගත විෂ ඉවත් කරන්නටත්. දැන් බලන්න විෂ උරාගැනීමේ හැකියාව තමයි අපේ මේ භාවිතා කරන්නේ.

‍මේ ගැන පොඩි ධර්මාණුකූල විග්‍රහයක් කරන්න හිතුන නිසා තමයි මේ ලිපිය ලියන්නේ. මේ ලිපිය භෞතික වාදීන්ට නම් කියවලා වැඩක් නැහැ. කාලය අපරාදේ. ඒ නිසා ඒ අය කියවන්න එපා.

‍මේ පෘතුවිය තුල ශාඛ තිබිලා නැහැ ආධි භ්‍රහ්ම කල්පිත යුගයේ. අග්ගඥ්ඥ සූත්‍රෙය් මේ ගැන ඉතාමත් හොදින් පැහැදිලි කරලා තියෙනවා. මිනිසුන්ගේ සිතේ කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසු්ගේ ගුණ ඉවත් වුනා. ඒ ගුණ තමයි පරිසරයේ ඇති ශාඛ ව ල තැන්පත් වුනේ. ඒ ගුණ නැති වීම නිසා තමයි මිනිසුන්ට රෝග, ව්‍යාධි අන්තරා කියලා දේවල් හටගතතේ. මේ රෝග වලට හේතුව වුනේ තමන් සතු ගුණයක් අහිමි වීම නිසාත් අදාල ගුණය යම් ශාඛයක ඇත්ද අන්න ඒ ශාඛය ඒ රෝගයට ඔසුවක් වුනා. යම් කෙනෙකුගේ ගුණ කිහිපයක් තමන්ගෙන් දුරස් විම නිසා යම් රෝගයක් හටගත්තාද අදාල ගුණ තමන්ගෙන් දුරස්වී යම් ශාඛයක පිහිටියාද ඒ ශාඛ වල සාරය තමන් ගේ සිරුර තුලට ගත්තහම ඒ රෝගය සුව වුනා. මේ ආකාරයට තමයි හෙළ වෙදකම කියලා ලොව පැරණිම වෙදකම පටන් අරං තියෙන්නේ. එය සාමාන්‍ය කෙනෙකුගේ ඥාණයට හසුවන කාරණාවක් නොවෙයි. එය ඍෂි වරුන්ට විෂය වන කාරණාවක්. ඒ නිසා තමයි අපගේ හෙළ දිව බිහිවූ අති විශිෂ්ඨ ඍෂි වරයෙකු වන පුලතිසි ඍෂි තුමා හෙළ වෙදකම ලොවට ඉදිරිපත් කලේ.

දැන් හිතලා බලන්න ගොටුකොළ සහ රම්පේ කියන්නේ පොලොවේ තියෙන විෂ උරාගත හැකි ගුණයක් ඇති ශාකයන්. ඒ ගුණය ඊට ලැබුනේ කෙසේද? එදා ආදිකල්පිත මානවයා තුල හටගත් කෙලෙස් නිසා තමන්ගෙන් දුරස් වුනු ඉතා හොද ගුණයන් තමයි මේ ශාඛ වල තැන්පත් වෙන්නේ. ඉතිං ඒ කෙලෙස් අපිව විෂ නිසා හටගන්නා රෝග වලට යොමු කරවනවා. ඒ නිසාම කර්මාණු රූපීව අපිට වහ කන්නටත් වෙනවා. ඉතිං මේ වස ටික සිරුරෙන් ඉවත් කරගන්නට නම් අපි ඒ විෂ උරාගැනීමේ හැකියාව ඇති ශාඛ ආහායට එක් කරගත යුතු වෙනවා. එයයි ධර්මතාවය. මෙය නොදන්නා අය ඒ ගැන සියල්ල දත්වගේ කතා කරන්නට ගිහයම වැඩේ වරදිනවා. මිනිසුන් අතරමං වෙනවා. මේවා නවීන විද්‍යාවට හසු වෙන්නේ නැහැ. ඒත් යම් තරමක ණුවනක් ඇති කෙනෙකුට එය පසක් කරගත හැකියි.

තවත් ශාඛ විශේෂයක් තියෙනවා ඒවා විෂ උරාගන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන්ම විෂයි. ඒවා ආහාරයට ගතහොත් මරණයට පත්වෙනවා. උදා හරණයක් ලෙස නියගලා ගත හැකියි. ඒවා ඇතිවෙලා තියෙන්නේ මිනිසාගේ ඇති ඉතාමත් දරුණු විෂ ගති මිනිසාගෙන් ඈත් වී මේ ශාඛ වල තැන්පත් වීමනිසයි. මේ අනුව මිනිසා විසිනි විශ්වයට මුදා හරින හොද සහ නරක සිතිවිලි මේ ගස් වැල් නිර්මාණය වීමට හේතු වෙලා තියෙනවා. ඉතිං විෂ උරණ ශාඛයක් කියන්නේ අපිට ඉතාමත් වැදගත් ශාඛයක්. ඒ එහි ඇති ගුණ නිසා. අප විසින්ම විශ්වයට මුදා හල යම් හොද ගුණයක් තමයි මේ ශාඛයේ තියෙන්නේ. විෂ සහිත ශාඛයක් කියන්නේ තමන්ගේ චිත්ත සංතානයෙන් විෂ ඉවත් කරන විට ඒවා ගොස් තැන්පත්වූ ශාඛ. අපි ඒවා ආහාරයට ගන්නේ නැහැ. ඒවා විෂ සහිත නිසා. මේ නිසාම පරිසයේ විශ සහිත ශාඛ අඩුයි. මොකද සිතෙන් විෂ ඉවත් කරන අය අඩු නිසා. බෙහෙතට ගත හැකි ශාඛ තමයි බොහෝමයක් තියෙන්නේ.

මේ කරුණු කාරණා ගැඹුරින් කල්පනා කර බැලුවොත් ඔබට තේරෙයි අපට වෙලා තියෙන දේ. අපි වස විස කන්නේත් කර්මයක ඵලයක් නිසා කියලාත් වැටහෙයි. එහෙත් ඒවායින් මිදෙන්නටද හැකි බව දහමේ සදහන් වෙනවා. කර්මයක් තිබුනා කියලා සියල්ලම ගෙවන්නට අවශ්‍ය නැහැ. ඒවා ඉවත් කරගත හැකි ක්‍රමද තියෙනවා. විශේෂයෙන් සමනන්තර ප්‍රත්‍ය්‍ය සහ අනන්තර ප්‍රත්‍යය ගැන දැනුවත් වුනා නම් මේ ගැන සිතා ගත හැකියි.

මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර

( +6583956095 වට්ස් ඇප් වලින් ගන්න පුලුවන්. මුලින් මැසේජ්කර පසුව අමතන්න.)

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්.
ගල්කිස්ස.

0112735621
0777316629

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *