ප්‍රතිශක්තිය සහ සෙම් ගෙඩි දෙවැනි කොටස.

අපි සාමාන්‍යෙයන් බැක්ටීරියා නිසා හටගන්නා රෝගයක් වැලදුනාම කරන්නේ ප්‍රතිජීවක ඖෂධ ගැනීමයි. ඔබගේ වෛද්‍ය වරයා ඔබට දෙන මෙම ප්‍රතිජීවක ඔසු නිසා ඔබගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති සියළු බැක්ටීරියා විනාශ වීමකට ලක්වේ. මේ නිසාම ඔබ මෙවැනි ඔසු භාවිතයෙන් පසු උදරය ප්‍රදේශයේ යම් වේදනාවක් ටික දිනක් පවතින බවත්, බඩ ඩුරුල් කර යෑමේ ගතියක් ඇති බවත් සමහර විටඔබ අත් දැක ඇති. මෙයට හේතුව අපගේ සිරුරේ සිටින හොද බැක්ටිරියාද ඔබ ගත් ඖෂධ නිසා මරණයට පත්විමයි.

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය 75% ක් පමණ පිහිටා ඇත්තේ බඩවැල් ආශ්‍රිතවයි. අපි බයෝ රෙසොනන්ස පරීක්ෂාවක් කරනවිට විශේෂයෙන් පරීක්ෂා කරන ප්‍රෙද්ශයක් තමයි මේ බඩවැල් ආශ්‍රිතව ඇති වසා නාල ජාලය. මෙය මකුළු දැලක් සේ බඩවැල් සෑම තැනම පැතිරි තියෙනවා. මේ අතර වැදගත්ම තැනක් තමයි උණ්ඩුක පුච්ඡය. මේ වන විට බොහෝ දෙනෙක් කපා ඉවත් කරන්නට සූදානම් වන උණ්ඩුක පුච්ඡය අපගේ සිරුරේ ඇති ඉතාමත් වැදගත් අවයවයක්. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් මෙය මිනිසාට අනවශ්‍ය කොටසක්. අපට අනවශ්‍ය කොටසක් සිරුරේ තිබිය හැකි යැයි ඔබ සිතනවා නම් මේ ලිපිය කියවන එක දැන් නතර කරදමන්න. නැතිනම් ඔබගේ වටිනාකාලය අපතේ යන නිසයි එසේ පැවසුවේ.

ඇයි මේ බඩවැල් ආශ්‍රිතව ප්‍රතිශක්තිය වැඩි කලේ. අපි මුල් ලිපියෙන් කතා කලා උගුර ආසාදනය වීම සහ බැක්ටීරියාවන් වෛරසයන් ගැන. ඒ තමයි අප සිරුර ඇතුලට එන විෂබීජ වලින් අපිට රැකගන්නා ක්‍රමවේදය. ඒ වගේම තමයි කුඩා බඩවැල සහ මහබඩවැලෙන් ශරිරය ඇතුලට උරාගන්නා සාරය තුල මෙම විෂ බිජ තියෙන්නට බැහැ. එසේ යම් විනාශකාරි යමක් සිරුරට ඇතුලත් වූ වහාම හදුනාගෙන ඒවාට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට සූදානම් වෙන්නයි මේ 75% ක් තරම් වන ප්‍රතිශක්තිකරණයක් මේ තැනට ලබා දීලා තියෙන්නේ. මේක හරියට රාජධානිකයක් වටේට හදන දිය අගල් වගේ. සතුරන් පැමිණෙන එක නතර කරන්නට දෙආකාරයකින් මේ ලෙසට අවශ්‍ය පියවර ගෙන තියෙනවා.

දැන් බලමු උණ්ඩුක පුච්ඡයේ ඇති වැදගත් කම. විද්‍ය්‍යාඥයන් සොයා ගෙන තියෙනවා උණ්ඩුක පුච්ඡයේ වසා සෛල ඇති බව. ඇත්තටම එතනට ඒවා අවශ්‍ය වෙන්නේ ඇයි. කුඩා බඩවැලෙන් පෝෂ්‍ය කොටස් අවශෝෂණය කරන අතර මහා බඩවැලත් යම් යම් අත්‍යවශ්‍ය කොටස් නැවතත් අවශෝෂණය කරනවා. අපි සාමාන්‍යෙයන් දන්නා දෙයක්තමයි ජලය. මේ ජලය අවශෝෂනයේදී සිරුරට විශ සහිත දේවල්ද අවශෝෂනය වන්නට පුලුවන්. මොකද දැන් අප ආහාරයට ගත් දේවල් මේ වන විට පෝෂණය උරාගෙන රොඩ්ඩක් තමයි ඉතිරි. ඒ රොඩ්ඩ තුල වස විසත් බැක්ටිරියා වෛරස් වගේ ඒවත් තිබිහ හැකියි. ඉතිං මේ වගේ දෙයක් දැක්කොත් හැකි ඉකිමනින් ඒවා ඉවත් කිරීමට උණ්ඩුක පුච්ඡය ක්‍රියාත්මක වෙනවා. එතන හරියට සෙන්සර් එකක් වගේ. ඉතිං වැඩිපුර ජලය ප්‍රමාණයක් සමග ඉතාමත් ඉකිමනින් මේවා සිරුරින් බැහැර කරන්නට සිරුර තිරණය කරනවා. මෙන්න මේ වෙලාවට තමයි අපි අජීරණයක් වෙලා බඩ එලිය යනවා කියලා කියන්නේ. ඉක්මනින් ඉවත් කරන නිසා ජලය අවශෝෂණය කරගන්නට වෙලාවක් නැහැ. ඒ නිසයි දියාරුවට මළ පහ වෙන්නේ.

උණ්ඩුක පුච්ඡයේ මීට වඩා වැදගත් තවත් ක්‍රියාවක් සිදු කරනවා. නමුත් මෙය වැඩි පිරිසක් කතා කරන්නේ නැහැ. මොකද හරියට ඔප්පු කරලා නැති නිසාත්. උණ්ඩුක පුච්ඡය වැදගත් නැතැයි විශ්වාස කරන නිසාත්. අපගේ ප්‍රතික්තියේ ප්‍රධාන සෛල විශේෂ වන සුදු රුධිරාණු වල තියෙනවා බි සහ ටී කියලා සෛල වර්ග දෙකක්. ටී කියන්නේ තෛමස් ග්‍රන්ථිය මගින් නිපදවන සෛල විශේෂ්‍යක්. නමුත් බී සෛල නිපදවන්නේ කොතැනද කියලා කිසිවෙක් පවසන්නේ නැහැ. ඒවා ස්ටෙම් සෛලවල අනුවර්ථනයක් ලෙසට තමයි ගෙන එන්නේ. නමුත් සමහර සතුන් යොදා කරන ලද පරීක්ෂන වලින් ඔප්පු වී තිබෙනවා උණ්ඩුක පුච්ඡයේ මේවා නිපදවන බව. ඉතිං අපිට අපගේ උණ්ඩුක පුච්ඡයද මහා වැදගත් කමක් ඇති කොටසක් බව තේරුම් ගත හැකියි. මා මෙහිදි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ගැන දීර්ඝ විග්‍රහයක් කරන්නට සූදානම් වන්නේ නැහැ.

අපිට දැන් වැටහෙන්න ඕනි ප්‍රතිශක්තිකරණය ශක්තිමත්ව තබා ගන්න නම් බඩවැල් ටික නිරෝගීව තබාගත යුතු බව. බඩ වැල් ශක්තිමත්ව නිරේගීව තබාගන්නට උපකාරීවන ක්ෂුද්‍රජීවී කොටස තමයි ප්‍රෝ බයෝටික් කියලා අපි කියන්නේ. නමුත් අපි ඇන්ටි බයොටික් බීලා මෙයාලව මරලා දාල නිරෝගීව ඉන්නට උත්සහ කිරිම ණුවනට හුරුදැයි සිතා බලන්න. ඔබ කරන්නට දෙයක් නැති තැන ඇන්ටි බයෝටික් ගත්තොත් හැකි ඉක්මනින් ප්‍රෝ බයෝටික් ලබා ගත යුතුයි. මේ මාතෘකාව වෙනම කතා කරන්නම්.

ප්‍රතිශක්තිය නිසිලෙස පවත්වාගෙන යෑමට පෝෂ්‍ය කොටස් කිහිපයක් අවශ්‍ය වෙනවා.

1.) විටමින් සී

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඇස්ක්රොබික් ඇසිඩ් කියන්නේ විටමින් සී කියලයි. ඇත්තටම විටමින් සී වල තියෙන එක් කොටසක් තමයි ඇස්ක්රොබික් ඇසිඩ්. අපි මේසයක කකුලක් ගලවලා ගත්තට පස්සේ කවදාවත් එකට මේසය කියන්නේ නැහැනේ. ඒ වගේ ඇස්ක්රොබික් ඇසිඩ් කියන්නේද විටමින් සී වල කොටසක්. විටමින් සී ලබාගන්නට පහසුම ක්‍රමය තමයි දෙහි, නාරං, දොඩං ලෙමන් හෝ පලතුරු වර්ග සීනි නැතිව ආහාරයට ගැනීම. මොකද සිනි දාපු කිසිම ආහාරයක ඇති විටමින් සී අපගේ සිරුරේ සෛල වලට ඇතුල් කර ගන්නට බැහැ. (මා මී පෙර ලියූ විටමින් සි ලිපිය කියවන්න.)

2) විටමින් ඩී.

විටමින් ඩි සහිත ආහාර තමයි සැමන්, ඇල්ගී, කොළ වර්ග ආදිය. එහෙත් සමකාසන්නව ජීවත් වන අපට විටමින් ඩි ලබාගත හැකි පහසුම ආකාරය තමයි උදෑසන අව්වේ ටිකක් ඇවිදීම. එවිට විටමින් ඩී අපගේ සිරුරේ නිපදවනවා. නමුත් ඔබට අව්රශ්මිය වැටෙන්නේ වීදුරුවක් හරහා නම් ඔබගේ බලාපොරොත්තුව ඉටු වන්නේ නැහැ.

3) සින්ක්

සින්ක් සහිත ආහාර තමයි විශේෂයෙන් වට්ටක්කා ඇට. ඔයිස්ටර්ස්, බිත්තර, හරක් මස්, කුකුල් මස්, පරිප්පු, හතු වර්ග.

4) සෙලේනියම්.

සෙලේනියම් සහිත ආහාර තමයි විශේෂයෙන් බිත්තර, රතු පාට හාල්, මස් වර්ග, බ්‍රසිල් නට්. චියා සීඩ්, ඉස්සන්. ඇල්ගී වර්ග.

‍මෙම පෝෂ්‍ය කොටස් ලබාගැනීමට පහසුම මගක් තමයි දිනපතා කොළ වර්ගයක් අනිවාර්‍ය කරගැනීම. වර්ණවත් එලවලු ආහාරයට එක් කරගැනීම. කැරොටිනොයිඩ්ස්ද ප්‍රතිශක්තිය ශක්තිමත් කරගගන්නට හේතු වෙනවා. එසේම ඉතාමත් වැදගත් මස් මාංශ අනුභවයක් නැති අය ඇල්ගි වැනි සුපිරි ආහාරයක් දෛනිකව ආහාරයට එක් කරගැනීම. එසේම පහත දැක්වෙන් ආහාර දෛනිකව ආහාරයට එක් කරගන්නට බලන්න.

  • ඉගුරු
  • මී පැණි
  • ලෙමන්
  • සුදුලූණු
  • රතු ළුණු
  • බතල

ඔබද නිතර නිතර රෝගාබාද වලට ලක්වෙනවා නම් ඔබ විසින් සිදුකල යුතු මූලිකම කරුණක් වන්නේ ඔබගේ සිරුරේ ඉහත දැක්වූ පෝෂණ කොටස් වල යම් ඌණතාවයක් ඇත්දැයි සොයා බැලීමයි. එසේ සොයා බලා ඔබ යම් ඌණතාවයකින් පෙලේ නම් ඊට අදාල පෝෂ්‍ය කොටස සිරුරට ලබාදෙන්නට ආහාර හෝ අතිරේක ආහාර ලබාගත හැකියි. එමගින් රෝගයක් නිට්ටාවට සුව කරගැනීමේ ක්‍රමවේදයක් ලෝකයේ තියෙනවා. එය රෝග ලක්ෂණයක් කළමණාකාරනය කරනවාට වඩා සාර්ථක ක්‍රමයක් කියලයි මම හිතන්නේ.

තවත් කොටසක් මේ ලිපියට අවශ්‍යයි වගේ. විශේෂයෙන් කොලොයිඩල් සිල්වර් ගැන කතා කල යතුයි. එයද පසුව ලියන්නම්.

මේ පිලිබද වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක්වන්න. ලිපි ෂෙයාර් කර තවත් කෙනෙක් නිරෝගීව තබන්නට උපකාර කරන්න. තමන් දෙන දේ තමන්ට නැවත ලැබෙන ධර්මතාවයට අනුව එය ඔබගේ සිරුරේ නිරෝගීතාවයට හේතු වෙනු නිසැකය.

මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර

( +6583956095 වට්ස් ඇප් වලින් ගන්න පුලුවන්. මුලින් මැසේජ්කර පසුව අමතන්න.)

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්.
ගල්කිස්ස

0112735621
0777316629

 

One Reply to “ප්‍රතිශක්තිය සහ සෙම් ගෙඩි දෙවැනි කොටස.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *