තෛරොක්සින් සහ තෛරොයිඩ්.

අපි ඊයේ කතා කලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අපගේ සිරුරට යම් වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇතුළු වූ විට ඒවා විනාශ කරන්නට අවශය ප්‍රතිශක්තිය නිපදවා ගන්නා තුරු සිරුරේ උෂ්ණත්වය වැඩි කර තබන බව. මේ කාලය තුල සිරුරට දරාගන්නට නොහැකි ලෙස උෂ්ණත්වය වැඩි වුනොත් මොකද වෙන්නේ කියලා හිතුනේ නැද්ද? අන්න ඒ නිසා තමයි අපි උණ වැඩිවෙන එක වලක්වා ගන්නට විවිධ ප්‍රතිකාර කරන්නේ. එසේ උෂ්ණත්වය වැඩි වුනාම අපගේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලින් නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉතිං අපගේ සිරුර තවත් දුර්වල තත්වයකට ඇද වැටෙනවා මේ කාලය තුල. ඒ නිසා තමයි අපිට රෝගි තත්වය වැඩියෙන් දැනෙන්නේ.

සිරුරේ උෂ්ණත්වය වැඩිවෙන්නට තවත් එක් හේතුවක් තමයි තෛරොක්සින් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම. මේ අයගේ සිරුර ඉතාමත් උෂ්ණයි. ඒ අයට carbimazole නැමති ඖෂධය පිටතින් දෙනවා. එවිට හෝමෝන බැලන්ස් වෙලා අර තිබුනු අපහසුතාව මග හැරී යනවා. ඔබ මෙම ඔසු ගන්න අතර තවමත් ඔබගේ සිරුර උෂ්ණයි කියලා දැනෙනවා නම් ඒ කියන්නේ ඔබට තවමත් නිසි ඖෂධ ප්‍රමාණය ලැබිලා නැහැ. මේ ගැන ඔබගේ වෛද්‍ය වරයාට පවසන්න.

84002074_10939495976

එහිම අනෙක් පැත්ත තමයි තෛරොයිඩ් හෝමෝන අඩුවෙන් නිපදවීම. ඒ අයට ඇත්තේ මිට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ඔවුන්ගේ ශරීරය නිතරම සීතලයි. ඔවුන්ට කුඩා සිතලක් හෝ දරාගන්නට අපහසුයි. මේ අයටගේ සිරුරේ වැඩියෙන් සෙම තියෙනවා. නිතරම සෙම් රෝග වලට මොවුන් ගොදුරු වෙනවා. ඒ අයගේ ශරිරයට අපි පෙර ලිපියෙන් කිව්වා වගේ පිටතින් යම් වෛරසයක් හෝ බැක්ටීරියාවක් පැමිණියහොත් ඒවාට විරුද්ධව සටන් කිරිමට ප්‍රතිදේහ නිපදවන තුරු සිරුරේ උෂ්ණත්වය වැඩි කරගන්නට ප්‍රතිශක්ති කරන පද්ධතියට නෙැහැකි විය හැකියි. මේ නිසා මොවුන් ඉක්මණින් බොවන රෝග වලට ගොදුරු වෙනවා. ඒ නිසා හයිපෝතයිරොයිඩ් තත්වයන් ඇති අය තමන්ගේ සෞඛය තත්වය ගැන වඩාත් විමසිලිමත් විය යුතු වෙනවා.

‍මෙම රෝගී තත්වයන් ඇති අයට දෙන බටහිර ඔසුවක් තමයි Levothyroxine (Synthroid) නැතිනම් සින්තටික් තෛරොයිඩ්. මෙම හෝමෝනය මගින් අපගේ සිරුරට ලබා දෙන්නේ T4 නැමති හෝමෝනයයි. නමුත් අපි දන්නා කාරණයක් තමයි තෛරොක්සින් හෝමෝන වර්ග දෙකක් තියෙනවා. ඒවා නම් T3 සහ T4 වේ. ඊට අමතරව TSH නැමති හෝමෝනයක්ද වෙයි. මෙම හෝමෝනය තෛරොයිඩ් හෝමෝනයක් නොවන අතර තෛරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය පිනිස පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝනයකි.

කෙසේ වෙතත් හයිපෝ තෛරොයිඩ් තත්වය ඇති අයට ලබා දෙන්නේ ‍T4 හෝමෝනය පමණි. දැන් ඔබ සිතා බලන්න තමන් මෙම රෝගී තත්වයට ගොදුරු වන තෙක් T3 සහ T4 හෝමෝනද ඊට අමතරව TSH හෝමෝනයද අපගේ ශරිරයේ තිබුනා. දැන් එක හෝමෝනයක් පමණක් අපට ලබා දෙනවා. TSH හෝමෝනය පිටියුටරි හෝමෝනයක් නිසා එය ලබා නොදෙනවා කියා සිතිය හැකියි. එහෙත් T3 හෝමෝනය අපට අනවශ්‍ය හෝමෝනයක්ද? ඊට පිලිතුරු නැත. එහෙත් එක් පිලිතුරක් ඇත. T4 හෝමෝන අනු 4ක් එක්වී එක් T3 අනුවක් නිපදවිය හැකිය. නමුත් මෙසේ T4 මගින් T3 නිපදවන්නට සෙලේසියම් (Selenium) නැමති මිනරල් වර්ගය අවශ්‍ය වේ. එසේ නම් අප කල යුතු වන්නේ හයිපෝ තෛරොයිඩ් තත්වයන්ට ඖෂධ ලබා ගන්නා අය දෛනිකව සෙලේනියම් සහිත ආහාර ලබා ගැනීමයි. එසේම මෙසේ T4 මගින් T3 නිපදවීමට පටන්ගත් විට ඔබ ලබා ගන්නා ඖෂධ මාත්‍රාව මදි වෙන්නට පුලුවන්. ඒ සදහා ඔබගේ වෛද්‍ය වරයාගේ උපදෙස් ලබාගන්න. සමහර විට ඔබගේ මාත්‍රාව වැඩි කරන්නට හැකියි.

‍තෛරොක්සින් නිපදවීමට අත්‍යවශ්‍යම ඛණිජ ලවනය තමයි අයඩීන්. මේ නිසා අයඩීන් අපගේ ආහාරයට එක් කරගැනීම අත්‍යවශය කරණයක්. අයඩීන් අපට ලැබෙන ප්‍රධානම මාර්ගයක් තමයි මේස ලුණු. මේස ලුණු තමන්ගේ ආහාරයට එක් කරගැනීම මගින් අයඩින් ඌණතාවය යම් තරමකට මගහරවාගත හැකි නමුත් කෑම පිසින විට අයඩින් එක් කිරීමන් අයඩීන් වාශ්පවී යෑම නිසා අයඩින් ඌණතාවයට මෙම ලුනුමාර්ගයෙන් අයඩීන් ලැබෙන්නේ නැත. මේ නිසයි මේස ලුණු මගින් කෑම වලට අවශ්‍ය ලුණු මේසයේදී එක් කරගන්නට කියන්නේ. එහෙම නැත්නම් කෑමපිස අවසන් වී ටිකක් නිවුනු පසු ලුණු එක් කල යුතුයි.

84606448_109394963095952

බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙසේ නිපදවන්නේ නැති හෝමෝන වලට හෝමෝන ජීවිත කාලය පුරාවටම ලබා දිය යුතු වන නමුත් හෙළ වෙදකමේදී එසේ නැත. හෙළ වෙදකමේදී සිදු කරන්නේ තෛරොයිඩ් ග්‍රන්ථිය හෝ පිටියුටරි ග්‍රන්ථිය නැවත සක්‍රීය කරීමට අවශ්‍ය වෙදකමද හෙදකමද ඊට අවශ්‍ය ප්‍රතිකාරය සහ ප්‍රතිකර්මයද සිදු කිරීමයි.

මාගේ බිරිද හයිපර් තෛරොයිඩ් තත්වයෙන් ඉතාමත් අසාද්‍ය තත්වයට පත්වූ කෙනෙක්. ඇය මාස දහයක් පිලියන්දල සම්පත් වෙදමහතාගෙන් හෙළ ඔසු ලබාගත් අතර පලමු මාස හයක කාලය තුල carbimazole ලබා ගත්තා. වෛද්‍ය වරුන් සහ නෑදෑ හිතවතුන්ද තෛරොය්ඩ් ග්‍රන්ථිය ඉවත් කරන ලෙසට මා හට පැවසූ අතර සම්පත් වෙදමහතා රෝගය සහ රෝග මූලය දෙකම දැනගෙන ඇයට වෙදකම් කලා. දැන් ඇය ඉතාමත් සුවෙන් සිටිනවා. දැන් කිසිම බෙහෙතක් ගන්නේ නැහැ. හෙළ ඔසුවේ විශ්මිත බව එයයි. රෝද පුටුවකින් ලංකාවට පැමිණි ඇය මාසයක් ඇතුලත සුවපත් වී නැවතත් පිටත්ව යෑමට තරම් ඇය වාසනාවන්ත වුනා. එසේම ජීවිතකාලයම බෙහෙත් බොන්නට තිබුනු අවස්ථාව සම්පත් මහත්තයා නිසා වැලකුනා.

‍මෙම ලිපිය තවත් විස්තරාත්මකව ලිවිය යුතු වුවත් කාලවේලාව මදකම නිසා ටිකක් කෙටියෙන් ලිව්වේ. අපි වෙලාව තියෙන විදිහට කතා කරමු.

ඔබට මේ ගැන අමතර යමක් දැනගන්නට අවශ්‍ය නම් මා හා සම්බන්ධ විය හැකිය.

මෙත් සිතිනි.
පෝෂන වේදී.
නයන තේනුවර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *