ලිංගික බෙළහීනතාවයට හේතුව කුමක් විය හැකිද?

ලිංගික බෙළහීනතාවයට හේතුව කුමක් විය හැකිද යන පැණයට මා දුන් පිළිතුර මෙසේ විය.

මෙම මාතෘකාව ගැන වැඩි දෙනෙක් කතා කරන්නට කැමති නැත. නමුත් මේ මාතෘකාවේ ඇති ගැටළුව විශාල පිරිසකට බලපාන බවනම් දනිමි.

බෙලහීන තාවය ගැන කතා කරන විට ප්‍රධානම කාරණය වන්නේ ලිංගේන්ද්‍රය අවශ්‍ය පමණට ප්‍රාණවත් නොවීමයි. මුලින්ම ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වන ආකාරය සොයා බැලිය යුතුය. අපගේ ශරීරයේ පැමිණි රුධිරය ආපසු යන්නට නොදී රදවා ගත හැකි එකම ස්ථානය ලිංගේන්ද්‍රිය වේ. වෙනත් ස්ථාන ඇත්නම් දැනුවත් කරන ලෙසට මා කියවන අයගෙන් ඉල්ලා සිටිමි. කෙසේ වෙතත් මෙම රුධිරය යම් කාල වේලාවක් අල්ලා ගෙන සිටීම මගින් ලිංගේන්ද්‍රි යේ ප්‍රාණවත් භාවය රදා පවත්වා ගත හැකිය. දැන් මෙම රුධිරය රදා පවත්වාගත නොහැක්කේ ඇයි දැයි සොයා බලමු. මේ කරුණු කාරනා තුල අදාල පිළිතුර ඇත.

  • ලිංගේන්ද්‍රියට රුධිරය සපයන පීනයිල් ධමණිය අවහිර වීම හෝ කුඩා වීම.
  • රුධිරය නැවත පැමිණීම වලකාලන කපාට දුර්වල වීම.
  • ලිංගික උත්තේජනය ඇතිකරන හෝමෝන නිසි ලෙස ක්‍රියා නොකිරීම හෝ හෝමෝන නිපදවිම දුර්වල වීම.
  • රුධිරය ගබඩා කර තබන රුධිර කොටරාභ කපාට නිසිලෙස ක්‍රියා නොකිරීම.
  • මත් පැන් පානය සහ දුම්වැටි පානය
  • රුධිරයේ ඝණත්වය වැඩි වීම
  • මානසික ගැටළු

මෙහිදී ප්‍රධානම ගැටළුව වන්නේ් ධමණි ඇතුලත ඇතිවන අවහිර තාවයයි. අපගේ ලිංගේන්ද්‍රයට රුධිරය සපයන ධමණිය සාමාන්‍ය යෙන් හෘදය වස්තුවේ ඇති කිරීටක ධමණිවල විශ්කම්භයෙන් භාගයක් පමණ වේ. යම් අයෙකුට කොලෙස්ටරෝල් ගැටළුවක් අත්නම් එය හදවතට බලපාන්නට වසර ගණනාවකට කලින් ලිංගේන්ද්‍රයට බලපායි. මේ නිසා යම් කෙනෙකුගේ කොලෙස්ටරෝල් ධමණි වල තැන්පත් වෙයිද, එය මුලින්ම පෙන්නුම්කෙරෙන්නේ ලිංගික බෙලෙහීන තාවය ලෙසිනි. මේ නිසා මෙම තත්වය තමාගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවස්ථාවක් ලෙස මා දකිමි.

දැන් මේකට මොකක්ද කරන්නේ? කොලෙසටරෝල් වලට බොන බෙහෙත් බොන එක තමයි නේද? කොලෙස්ටරෝල් වලට බොන ස්ටැටින් ඩ්‍රග්ස් ශරීරයේ සියළු කොසෙල්ටරෝල් වලට බලපායි. එය LDL කොසේටරෝල් පමණක විනාශ කරන්නට හදල තියෙන බෙහෙතක් නෙවෙයි. අපගේ ලිංගික උත්තේජක හෝමොන වන ටෙස්ටෙස්ටරෝන් නිිපදවීමට කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. ඉතින් අපි දැන් කරන්නේ කොලෙස්ටරෝල් විනාශ කරන්නට බෙහෙත් බොන එකනේ. දැන් සිදු වන දේ ඔබට පැහැදිලි ඇති. මේකට කියන උපහරණය ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියන එකද නැතිනම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන එකද කියලා මට තේරෙන්නේ නෑ. මොකක් හරි කමක් නෑ. දැන් මේ බෙහෙත් බොන කෙනාට ලිංගික උත්තේජනය අඩුය. මම මේ කියන දේ කොලෙස්ටරෝල් වලට ස්ටැටින් බෙහෙත් බොන අය තමාගේම හදවතට තට්ටු කරලා බලන්න.

මෙම තත්වය මග හැරීමට වයග්‍රා වැනි ඖෂධ වෙලද පොලට පැමිණෙන්නට විය. මෙය රෝගය තරමක් ඉක්මණින් සුවපත් වල ඖෂධයක් නිසා ඉතා ඉක්මණින් වෙළද පොල ජය ගැනීමට හැකි වූ බෙහෙතක් වී ඇත. අපගේ ශරීරයේ සියළුම ධමණි මේ බෙහෙත නිසා විස්තාරණය වේ. ලිංගේන්ද්‍රිෙය්ද ධමණිය මේ නිසා විස්තාරණය වේ. කෙසේ හෝ වෙනදාට වඩා වෙනසක් ඇති නිසා මෙය නැවත නැවත ලබා ගැනීමට පාරිබෝගිකයා උනන්දු වේ. නිතිවිරෝධි ඔසුවක් වුවද කෙසේ හෝ ලබා ගැනමට මොහු පසුබට නොවේ. ඒ තමාගේ තත්වය තමා දන්නා නිසාය. මෙම අවස්ථාවේදී හෘදය ඇතුළු අපගේ සිරුරේ සියළු අවයව වලට රුධිරය සපයන නාල විස්තාරණය වේ. ඒ නිසා රුධිර පීඩණය අඩු වේ. මේ හේතුවෙන් හෘදය වස්තුව වැඩි පුර පීඩණයක් ගෙනදීමට උත්සහ කරයි. මෙය සිරුරට ඉතාමත් අයහපත් ලෙසට බලපායි. කෙසේ හෝ හෘද රෝගයක් හැදුනත් කමක් නෑ කියන තැන සිටින අය වයග්‍රා වැනි ඔසු භාවිතා කරයි. අවශ්‍ය වන්නේ මෙම තත්වයට බලපාන හේතුව දැන ගෙන එය නතර කර ගැනීම නොවේද, මා මේ දීර්ඝ කමෙන්ට් එක සටහන් කරන්නේ ඒ දේ ඔබට කියා දීමටය.

ඊලග කාරනය නම් රුධිරය නැවත පැමිණීම වලක්වන කපාට දුර්වල වීමයි.අප සිරුරේඅති ඕනෑම කපාටයක් වැසීමට හෝ මාංශ පේෂියක් සංකොචනය කිරීමට කැල්සියම් අවශ්‍ය වේ. යම් කෙනෙකුගෙ සිරුරේ කැල්සියම් අඩුනම් සිරුරේ මාංශ පේෂි සංකෝචනය කරගැනීමේ අපහසු තාවය ඇතිවේ. ලිංගේන්ද්‍රෙය්දී මෙම තතව්ය තීව්ර වේ. මොකද රුධිරය වැඩි වැඩියෙන පොම්ප කර වසා දැමූ පසු ආපස්සට විශාල තෙරපුමක් ඇති වේ. ඉතින් මේ තෙරපුම අල්ලාගෙන සිටීමට තරම් ශක්තිමත් කපාට සහ කැල්සියම් අත්‍යවශ්‍ය වේ. යම් කෙනෙකුගේ සිරුරේ ප්‍රෝටීන ඌණතාවයක් සහ කැල්සියම් ඌණතාවයක් ඇත්නම් ඒ අයගේද ලිංගික බෙලහීනතාවය ඇතිවේ.

මිලග හේතුව මානසික ගැටළු ලෙසට දැක්වූයෙමි. මානසික ඒකාග්‍රතවය නැතිනම් අපගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වේ. උදාහරණයක් ලෙස මානසික ආතතිය ඇති කෙනෙකුගේ සිරුරේ කෝටිසෝල් නැමති හෝමෝනය වැඩිය. මෙම හෝමෝනය වැඩි විට ටෙස්ටෙස්ටෙරෝන් වලට ක්‍රියාත්මක විය නොහැකිය. මේ නිසා නැවතත් අර කලින් කියපු ලිංගික බෙලහීන තාවයට පත් වේ.

සිගරට් සහ මත්ද්‍රව්‍ය මෙම තත්වයට බලපාන්නේ කෙසේද යන්න කතා කල යුතුමය. සිගරට් වල ඇති නිකටින් සහ මත්දව්‍ය වල ඇති මත් රසායනික නිසා අපගේ මොලයේ ඩොපමින් ශ්‍රාවය වැඩියෙන් සිදු කරයි. එහෙත් මෙම කාර්‍ය්‍ය දිර්ග කාලීනව සිදු වීම නිසා අදාල ග්‍රන්ථි අක්‍රීය වේ. මේ නිසා ඩොපමින් නිපදවීම ඉතාම අඩුවේ. ඩොපමින් ගැන මා මිට ඉහත දීර්ඝ ලෙස කතා කල නිසා මෙහිදී වැඩිපුර කතා නොකරමි. අත්‍යවශ්‍ය කෙනෙක් ඇත්නම් ඉන්බොක්ස් එන්න ලින්ක් එකක් එවන්නම්. අප යම් කාර්‍යයකදී යම් තෘප්තියක් ලබන්නට නම් මේ හෝමෝනය තිබීම අත්‍යවශ්‍ය වේ. මේ අනුව මෙම විශ මගින් අපගේ මොළයේ නිපදවන ඩොපමින් නැමති හෝමෝනය වැඩියෙන් නිපදවන්නට සැලැස්වීම තුල ලිංගික ක්‍රියාකාරීත්වයේදී අවශ්‍ය ඩොපමින් ප්‍රමාණය නිකුත් කිරීමට නොහැකි වෙයි. මේ නිසා නිසි මානසිකත්වයක් සහිතව ලිංගික ක්‍රියාකාරකම් වල නියැලෙන්නට මේ අයට නොහැකිය. එය කිසිදා තමා බලාපොරාත්තු වන තෘප්තිය නොලැබීමට හේතු වේ. සමහර විට මෙම තත්වය නිසා දෙන්නා දෙමහල්ලන් හිත් අමනාප වන්නටද හැකිය. නමුත් හේතුව ඇත්තේ සිගරට් එකේ සහ අරක්කු වල විම අදටත් ප්‍රසිද්ධ රහසකි.

එපමණක්ද නොව සිගරට් නිසා රුධිරයේ ඝනත්වය වැඩිවේ. මේ නිසා රුධිරය ඉදිරියට තල්ලු කිරීමට ධමණි වලට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. මේ හේතුව නිසා ලිංගේන්ද්‍රිෙය් ඇති රුධිර කොටරාභ පුරවාලීමට වැඩි වේලාවක් ගතවේ. එසේම මේ අයගේ මා ඉහත කි පෝෂ්‍ය කොටස් නොමැතිනම් කෙසේවත් බෙලහීනතාවයෙන් මිදෙන්නට නොහැකිය.

රුධිරයේ හෝමෝ සිස්ටීන් ප්‍රමාණය වැඩි වීම රුධිරයේ ඝණත්වය වැඩිවිමට තවත් එක් හේතුවකි. විටමින් බී 6,12 ෆෝලික් අම්ලය සහ සෙලේනියම් සහිත ආහාර ද, කොපර් සහ ඔමේගා 3,6,9 සහිත ආහාරද ගැනිම තුලින් රුධිරයේ ඝණත්වය අඩු කර ගත හැකිය.

දැන් වැදගත් වෙන්නේ මෙම තත්වයෙන් මිදෙන්නේ කෙසේද කියන එකයි.

මම මීට පෙර ලිපියකින් කොසේටරෝල් ගැන කතා කලා . කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පිලිය කිවයලාම හිටියානම් ගොඩක් තේරෙයි අපි අහුවෙලා තියෙන උගුළ මොකක්ද කියන එක. නැත්නම් පහ ලින්ක් එක මාර්ගයෙන් අදාල ලිපයි කියවන්න. එයත් මා කියන දේටම සමානයි.

කොලෙස්ටරෝල් සුව කර ගැනීමට කල යුතු වන්නේ ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර වැඩපුර ආහාර වලට එක් කර ගැනීමයි. ප්‍රති ඔක්සිකාරක මණින ඒකකය ORAC ( Oxygen Radical Absorbance Capacity ) වේ. මේ ගැනද වැඩි දුර විස්තර ලිපි වල ඇත. ORAC ඒකක 20000 ක් දිනකටඅපගේ ශරීරයට අවශ්‍ය වේ. අපට ගත හැකි ආහාර වල විස්තරයක් පහ දක්වමි. අදාල ORAC ඒකක ගණනද ඉදිරියෙන් ඇත. දැන් ඔබ කල යුතු වන්නේ අදාල ප්‍රමාණය දෛනිකව සිරුරට ලබාදිය හැකි පරිදි කෑම වේල සකසා ගැනීමයි. අපගේ කුස්සියට ගෙනෙන කුළු බඩු වලින් අපට දිනකට අවශය ORAC ඒකක ගණන සොයා ගැනිම ඉතාමත් පහසුය. මෙය ගූගල් සර්ච් කර බලන්න.

  • කුරුදු කුඩු 100g ක ඇති ORAC ඒකක ගණන – 280,000
  • වේලා කුඩු කරගත්කු මුරුංගා කොල 100g ක ඇති ORAC ඒකක ගණන – 157,000
  • ග්‍රීන් ටී එකක ඇති ORAC ඒකක ගණන – 3,000
  • බ්ලැක් ටී එකක ඇති ORAC ඒකක ගණන – 2,700
  • කිඩ්නි බීන් ( මෑ ඇට ) කප් එකක ඇති ORAC ඒකක ගණන – 17,000
  • ඩාර්ක් ඩෙක්ලට් 100g ක ඇති ORAC ඒකක ගණන – 40,000

මෙවැනි ආහාර විශාල ගණනක් ඔබට අන්තර්ජාලයෙන් සොයො ගත හැකිය. ORAC foods ලෙස සර්ච් කර බලන්න.

මෙම ආහාර ගන්නා කෙනෙකුට කොලෙස්ටරෝල් ඇති වීමට හේතුව නැති වනවා ඇත.

එසේ ම කොලෙස්ටරෝල් ඇතිවීමට හේතුවන මුක්ත ඛණ්ඩක ඇතිවීමටද හේතුවක් ඇත. ඒ පහත ඇති ආහාර කිහිපය වේ. ඒවා අනුභවය නතර කරන්න.

  • පාන්පිටි වලින් හදන ආහාර,
  • ගැඹුරු තෙලේ බදින ආහාර. 
  • බාබකියු වැනි ගින්දරට කෙලින්ම වදින ලෙස සකස් කරන ආහාර,
  • කාබනේටඩ් බිම වර්ග
  • සෙසේජස් වැනි නයිට්රේට්අඩංගු කෘත්‍රීම ආහාර,
  • සිගරට් සහ මත්පැන්.
  • මාගරින් කන්න එපා . චීස් බටර් කන එක හොදයි.

මෙම උපදෙස් පිළිපැද මාසයකින් ප්‍රතිඵල බලන්න. ඕරැක් වැලියු එක වැඩි සප්ලිමන්ට්ද පිටරට වල ඉන්න අයට මිළදී ගතහැකිය.

කුඩා අත් බෙහෙතක්.

  • කුරුදු කුඩු 100
  • මුරුංගාකොල කුඩු 200
  • මී පැණි අවශ්‍ය ප්‍රමාණයට

මේ වර්ග තුන කලවම් කරලා තලපයක වගේ හදාගෙන දිනකට තේහැදි තුනක් කන්න. මාස දෙකකින් පමන කොලෙසටරෝල් චෙක් කරන්න. ගෙදර තුනපහ ටික වේලලා කුඩු කරගෙන ආහාර හදන්න. කඩේ තියෙන පැකට් අන්තිමයි.

පිට රට වල ඉන්න අයට මේ සදහා විශේෂ අතිරේක ආහාර කිහිපයක් සිංගප්පූරුවෙන් ගෙන්ව ගන්නට හැකිය. ලංකාවේනම් මම එම ආහාර දැක නැත.

මෙත් සිතිනි.

38 Replies to “ලිංගික බෙළහීනතාවයට හේතුව කුමක් විය හැකිද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *