ෆැට් බර්නිං මිත්‍යාව

ෆැට් බර්නිං කියන්නේ දැන් හොඳ බිස්නස් එකක්. මොකද දැන් ජනතාව ගෙන් 50% ක් විතර තරබාරු කමින් දුක් විඳිනවා. මේක කායික මෙන්ම මානසිකවද බලපෑම තමයි තියෙන ගැටළුව. වෙන රෝගයක් නම් ඉතිං හංගගෙන ඉන්නවත් පුළුවන් නේ නේද? අපි මේකට ක්‍රම කිහිපයකින් පිලිතුරු සොයා ගනිමු.

බඩ ගින්න කියන්නේ  මොකක්ද?

අපගේ ශරීරයට අවශ්‍ය පෝෂණය අඩු වුනාම  මොළය සංඥාවක් නිකුත් කරනවා ආමාශය හරහා. මේකට අපි බඩගින්න කියලා කියනවා. ගින්නක් නිසා උහුලගෙන ඉන්නත් අමාරුයි. ඉතින් අපි මොනවා හරි ඔබනවා. පාං පිටි ගුළියක් එබුවොතින් මොළය ඉල්ලා සිටි පෝෂණය ලැබෙයිද? නෑ නේද? හැබැයි කොහොම හරි බඩගින්න නිවෙනවා මොකද  ආමාශයේ ඉඩ සීමිත නිසා. ඉතින් පැය දෙකක් තුනක් යනකම් බඩගිනි නැහැ. ආමාශය හිස් වුනාට පසු නැවතත් මොළයෙන් අර සිග්නල් එක ආපහු දෙනවා. මෝඩයෝ මට ඕනි පෝෂණේ පාංපිටි නෙවෙයි කියලා කිව්වට ඉතින් අපිට තේරෙන එකක් යැ නේද? ඉතිං සුපුරුදු විදිහටම ආපහු මොනවා හරි ඔබනවා. මේක ජීවිත කාලය පුරාවටම සිදු කෙරෙනවා…

ඇත්තටම මේ ඉල්ලන්නේ මොනවද? මේක දන්නවා නම් මේ කාරිය මෙතරම් අමාරු වෙන්නේ නැහැ. අපි ඒ ගැන ටිකක් හොයලා බලමු.

පාන් පිටි වලින් හදන කෑමක්  කොපමණ ප්‍රමාණයක් කන්නට හැකිද?   පාං  නම් බාගයකට වැඩියෙන් කන්න පුලුවන් නේද? රොටී කෑවොත් දෙකක් විතර එක වරකට කන්නට හැකියි මම හිතන්නේ. දැං බලන්න කුරක්කං වලින් රොටියක් හරි තලප හරි හැදුවොත් කොපමණ ප්‍රමාණයක් කන්නට පුලුවන්ද කියලා. අර පාං පිටි වලින් හදපු කැම වලිං බාගයක් වත් කන්නට බෑ නේද? තවත් එක විදිහක් බලමු. සුදු හාල් වලින් බත් උයපුවහම කන ප්‍රමාණයයි තද රතු සිංහල හාල් වලින් බත් උයපුවහම කන ප්‍රමාණයෙයි වෙනසක් තියෙනවාද? සමහරු කියන්නේ මට රතු හාල් නම් කන්න බෑ කියලා. ඇයි ඒ. ඒක  වෙන හාල් තරම් කනන බැරි නිසා හිතනවා මට කන්න බෑ කියලා. අනික හුරු නැතිකම. තවත් එකක් බලමු. ගෙදර රෑට කන්න කෝසස් හදනවා කියන්නකෝ ඒකට බොහෝවිට කාබෝ හයිඩ්රේට්  අඩංගු නැහැනේ. හදනකං තියෙන බඩගින්නේ හැටියට කන්න බැ නේද?  කිතුල් පිටි වලින් හදන කැඳ එහෙමත් වැඩිය බොන්න අමාරුයි. මේ දේවල් වැඩිය කන්නට අපහසු ඇයි. මොළය අපෙන් පෝෂණය ඉල්ලුවා. අදාල පෝෂණය සහිත ආහාර ගත් විට දැන් ඇති කියා සිග්නල් එකකුත් අපිට ලැබෙනවා. ඒක තමයි බඩ පිරිලා කියන එක. ඇත්තටම බඩ පිරෙන්නට නම් තව කන්නට ඕනි නේද? එහෙනම් මේ බඩගින්න කියන්නේ පෝෂණය ලැබෙන තෙක් දැනෙන ගින්නක් නේද? නිසි පෝෂණය දුන්නා නම් වැඩිය කන්නට ඕනි නැහැ කියන එක නේද?

තවත් එකක් හරි පෝෂණය දුන්නා නම් දැන් වැඩි වේලාවක්  යන තුරු නැවතත් අර බඩගිනි සිග්නල් එක දෙන්නට අවශ්‍ය නැහැ. මේ නිසා නැවත බඩගිණි වෙන්නටත් කාලයක් ගත වෙනවා. ඉතින් අර නැවත නැවත කන එකත් ඉවරයි. එක ක්‍රමයක් මේ නිසා හරියනවා. මම හිතන්නේ පැහැදිලියි මේ ගැන.

දැන් අවශ්‍ය වන්නේ මහත අඩු කර ගන්නේ කොහොමද කියන එකයි. මොකද දැන් දන්නවා හරි දේවල් කෑවහම  ගින්න අඩු වෙනවා කියලා.  මහත අඩු කරගන්නට නම් දැනට ශරීරයේ තැන්පත් වී අති මේදය ආපසු පාවිච්චි කරන්න ඕනි. මේදය ආපසු ශක්තිය නිපදවන්නට භාවිතා කල හැකිය. මේදය යනු ශක්ති ගබඩාවක් මිස පෝෂණ ගබඩාවක් නොවේ. ඉතින් අපි කල යුතතේ පෝෂණය වැඩිපුර ඇති ආහාර ගැනීමයි. ශක්තිය අවශ්‍ය විට මේදය  නැවතත් ග්ලූකෝස් වලට පෙරලා ගැනීමට අපගේ සිරුර දනී. එසේ කලහොත් මේ ප්‍රශ්නය විසදෙනවා නේද? දැන් අපි මෙය සිදු කල යුතු ආකාරය ගැන ගණිතමය ගැටළුවකින් බලමු.

අපි ගන්නා ආහාර වර්ග 4 ක් ඇත. මේ ආහාර සියල්ල එකම ඒකකයකින් මැණිය හැකිය. ඒ  ඒතුල ඇති ශක්තිය මගිනි. ශක්තිය මැණිය හැකි වන්නේ කැලරි වලිනි. අදාල පෝෂ්‍ය කොටස් වල කැලරි ගණන පහත දක්වා ඇත.

  • කාබෝහටිඩ්රේට් ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණණ = 4
  • ප්‍රෝටීන ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණණ = 4
  • ඇල් කොහොල්  ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණණ = 7
  • මේදය  ග්‍රෑම් 1 ක ඇති කැලරි ගණණ = 9

මේ අනුව මේදයේ තමයි වැඩිම කැලරි ගණනක් ඇත්තේ. මේ නිසා තමයි අපගේ සිරුරේ අමතර ශක්තිය මේදය විදිහට තැන්පත් වන්නේ.  කැලරි 900 ක් කෙනෙක් දවා හැරිය හොත් ඒ කෙනාගේ බර ග්‍රෑම් 100 කින් අඩු විය යුතුය. මෙසේ කිලෝ එකක් අඩු කර ගැනීමට 9000ක් කැලරි දහනය කල යුතුය. එසේ නම් මේදය දහනය කිරීම යනු මිත්‍යාවකි. මේදය නොව කැලරි දහනය කල හැකිය. දැන් ප්‍රශ්නය වන්නේ මේ කැලරි ප්‍රමාණය දහනය කල පසු නැවතත් කැලරි කීයක් සිරුරට එක් කරනවාද කියන එකයි.  කැලරි 900 ක් දහණය කිරීම සදහා  කිලෝ 60 ක් විතර බර කෙනෙක් පැයට කිලෝ මීටර් 10 ක පමණ වේගයකින් පැය 2 ක් වත් ඇවිදිය යුතුය. මෙසේ ඇවිදලා අවසන් වූ පසු ඇතිවන කුස ගින්නට නැවතත් කැලරි 1000 ක විතර ආහාරයක් ගැනීම සමහර අයගේ සිරිතයි. ඉතින් දුවපු එකත් අපරාදේ. එහෙත් බඩගිනි වෙන එක නැවැතිවිය යුතුයි නේද? මේක කැලරි 150 ක විතර ආහාර වේලකින් බඩගිනි නිවා ගත්තා නම් වැඩේ ගොඩ නේද? මේකට අපි දන්න දන්න විදිහට අඩු කැලරි ප්‍රමාණයක් සහිත වැඩි පෝෂණයක් ඇති ආහාර ගැන දැනුවත් වීමක් වෙමු.  ඒ සඳහා මෙහි සිටින අය උදව් කරයි කියලා මම හිතනවා. ලංකාවේ සොයා ගත හැකි ආහාර වලින් කියන්න. පිට රට වල ඉන්න අයට නම් මේ සදහා සප්ලිමන්ට් කිහිපයක් කියන්නට හැකියි. එහෙත් සියල්ල ස්වභාවික ඒවා විය යුතුය. නැතිනම් අපගේ සිරුර මේවා ප්‍රතික්ෂේප කරනු ඇත.  වෙලඳ දැන්වීමක් වන නිසා ඒ ගැන මෙහි ප්‍රකාශ නොකරමි.

අප දිනකට අපගේ සිරුරට ලබා දිය යුතු වන පෝෂ්‍ය කොටස් 91 ක් ඇත. මෙම 91 අපගේ සිරුරේ නිපදවිය නොහැකි වීම ඊට හේතුවයි. එම පෝෂ්‍ය කොටස් ශාඛ සහ සත්ව ආහාර මගින් අපි කෙසේ හෝ ලබා දිය යුතුය. එසේ නොවුනහොත් අපගේ සිරුර කාර්මික දෝශයක් නිසා නතර වන වාහනයක් ලෙස නතර වන්නට පටන් ගනී.  මේ නිසා අප සිරුරේ  ඇති පහසුව නැතිවී යයි.  ඉංග්‍රීසි බසින් මෙයට disease යනුවෙන් නම් කර ඇති අතර එහි තේරුමද පහසුතාවය නැතිවීම යන්නයි. DIS – නැතිවීම  Ease – පහසුව . මෙම පහසු තාවය නැතිවන්නට හේතු වන අදාල පෝෂ්‍ය කොටස් 91 දෛනිකව අපි සිරුරට ලබා දේනේ නම් මෙම අනතුරෙන් අපි මිදෙනු ඇත. මෙම පෝෂ්‍ය කොටස් වලින් 60 ක්ම පොලොවෙන් අපි ලබා ගත යුතු ඛණිජ ලවන වේ.  මෙම 91 පහත දක්වමු.

  • මිනරල්( ඛණිජ ලවන ) 60
  • විටමින් වර්ග 16
  • ඇමයිනෝ අම්ල 12
  • මේද අම්ල 3 ( ඔමේගා 3,6,9)

මෙහි කොටස් 91 ක් වුවද මේ දිනකට අවශ්‍ය සියළුම පොෂ්‍ය කොටස් වල එකතුව ගත්තොත් බර ග්‍රෑම් 10 ක්වගේ තමයි වෙන්නේ. ඉතිං මේ ටික දෙනවා නම් අවශ්‍ය ශක්තිය මේදය දහනය කර ලබා ගන්නට අප සිරුර දනී.

අපගේ මොළය බඩගින්න ලෙස අපිට දන්වා ඉල්ලන්නේ මේ 91 යි. ඒත් අපි දෙන්නේ දැනටමත් අප සිරුරේ තැන්පත් කර ඇති කැලරි  ගොඩකි. ඉතින් නැවතත් මේ කැලරි ටික මේදයට පෙරලා තැන්පත් කර මහත තව තවත් වැඩි කරයි.  මොන බෙහෙත් බිව්වත් ඉතින් මේක හරියන්නේ නැත.

ස්ථූලතාවයට දෙන  බොහෝ බෙහෙත වලින් කරන්නේ කුස ගින්න දැනෙන්නේ නැති වීමට අවශ්‍ය පාර හදන එකයි. එය කෙතරම් හොඳ දැයි දැන් ඔබම සිතා බලන්න. අර කියපු පෝෂ්‍ය කොටස් නොදුන් නිසා හට ගන්නා අපහසු තාවයන් සියල්ලට ඔබ පාර හදනවා නේද?  කෙට්ටු නම් වෙයි හැබැයි රෝග ගොඩක් එක්ක. හොදින්ම හිතා බලා මෙවැනි ඖෂධ වර්ග භාවිතා කරන්න. මම එවැනි රෝග කිහිපයක් පහත දක්වන්නම්,

ක්රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, සින්ක් යන ඛණිජ ලවන ඌණතාවය නිසා දෙවැනි වර්ගයේ දියවැඩියාව සෑදේ, අයඩීන්, සෙලේනියම්, කොපර් ඌණතාවය නිසා තෛරොයිඩ් හෝමෝ න වල වෙනස් කම් ඇතිවේ. කොපර්. කැල්සියම්. මැග්නීසියම්. ඔමේගා, නැතිවීම නිසා හිසේ කැක්කුම හටගනී. මේ ලෙසට විශාල රෝග ගණනාවක් දිගටම කිව හැකිය. එසේ නම් මහත අඩු කරගන්නට සිතන අය ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ නැතිව වැඩෙි කරගන්නට ඕනි.

අපි කෙසේ හෝ කල යුතු වන්නේ අදාල පෝෂ්‍ය කොටස් 91 දෛනිකව ආහාර සමග ලබා දීමයි.  අප සිරුර වැඩිපුර ඇති මේදය දහනය කර ශක්තිය ලබා ගැනීමට ප්‍රමඛත්වය ලබාදෙනු ඇත. සිරුරේ නියම බර එනතෙක් තැන්පත් මේදය දහනය කර ශක්තිය ජණනය කරනු ඇත. ඔබ බලාපොරොත්තු වන්නේ මෙය නොවෙයිද.  අපි අදාල ආහාර ගැන වෙනම කතා කරමු.

දැන් මේ තත්වයට බලපාන තවත් එක කරුණක් ඇත.  ඒ මානසික තත්වයයි. මහත වැඩි කෙනෙක් කණ්නාඩියක් ලඟට ගිහිල්ලා අනේ තවමත් මහතයි නේ කියලා හිතනවා නේද? මෙන්න මේ සංකාරය ඔබගේ ස්ථූලතාවය රඳ වා තබා ගැනීමට ඉවහල් වෙනවා. ඔබගේ මනස මේ මහත ඉල්ලා සිටීමක් මේ නිසා ඇතිවෙනවා. මෙය තරමක් සියුම් කාරණාවක් වුවත් හරියට හිතුවෙත් අල්ලගන්නට හැකි වෙයි. මම අද ටිකක් කෙට්ටුයි කියලා හිතන්නට හැකි මනසක් ඇත්නම් එයද ඔබගේ ස්ථූලතාවය අඩු කර ගැනිමට ඉවහල් වනු ඇත. මෙයද අත්හදා බලන්න. මේ සඳහා හිප්නෝ තෙරපි ක්‍රම පවා ඇත. ලංකාවේ මෙම ක්‍රම භාවිතා නොවේ. ඒ කියන්නේ මානසිකව කෙට්ටු වෙන්නට හැකියි කියන එක නේද?  මේ ගැන අපි තව දුරටත් විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු.

මෙත් සිතිනි.  !!

294 Replies to “ෆැට් බර්නිං මිත්‍යාව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *