සිංහල වෙදකම සහ ඉංග්‍රීසි වෙදකම යන දෙකම එකවර අපගේ නිරෝගීකම උදෙසා යොදාගන්නේ කෙසේද?

ලෝකයේ තියෙන වෛද්‍ය ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇලෝපැතික් අනික හෝලිස්ටික්. ඇලෝපැතික් කියන කොටසටඅයිති වෙන්නේ බටහිර වෙදකම පමණයි. හෝලිස්ට්ක් ක්‍රමයට අයත් වන්නේ ආයුර්වේද, හෙළ වෙදකම, හෝමියෝපති. නේචරෝපති, චීන පාරම්පරික වෙදකම, චීන කටුචික්ත්සාව වැනි වෛද්‍ය ක්‍රමයි. මේ ක්‍රම දෙකේ ප්‍රධානම වෙනස් කම වන්නේ හෝලිස්ටික් වෙදකමේදී රෝගියාටද ඇලෝපැතික් වෙදකමේදී රෝගයටද වෙදකම් කිරීමයි. ඇලෝපැතික් ක්‍රමය ඇත්තේ රෝග සුව කිරීම සදහා නොව රෝග කලමණාකරනය සදහාය. අපගේ ශරීරය ස්වභාවයෙන්ම වෛද්‍ය වරයෙකි. අපගේ සිරුර අපි ගැන දන්නා වෛද්‍යවරයෙකි. මේ නිසා යම් රෝගයක් හටගත්තා නම් අදාල රෝගය සුව කර ගැනීමට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් ටික දුන් පසු රෝගය සුව වීම සාමාන්‍ය සිරිතයි. නමුත් අපගේ කැමැත්ත හිසේ කැක්කුමක් ඇතිවූ විට එය සුව කර ගැනීම මිස එය ඇතිවූයේ ඇයිදැයි සොයා බැලීම නොවේ. ඉතින් අපි මොනවා හරි පෙත්තක් බොනවා. එයින් කැක්කුම ඇතිවන තැන ස්නායු දුර්වල කර හෝ කැක්කුම නැති කිරීමට මේ වෛද්‍ය ක්‍රමය දක්ෂයි.

නමුත් හෝලිස්ටික් ක්‍රමය මීටවඩා හාත්පසින්ම වෙනස් වේ. මෙහිදී රෝගියාගේ කය සහ මනස මෙන්ම ආධ්‍යාත්මික කය ගැනද සොයාබලා කටයුතු කරයි. මේනිසා හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය ලෙඩේට නොව ලෙඩාට ප්‍රතිකාර ලබා දෙයි. නමුත් මෙම ක්‍රමය ටිකක් කල් ගත වන නිසා ජනතාව අතර එතරමි ජනප්‍රිය නොවීය.

සරමක් බැණියමක් ඇදගත් වෙද මහත්තයාට වඩා ටයි කෝට් දාන දොස්තර මහතාට ජනතාව පෙම්බඳින්නට වූ නිසාදෝ වෙද මහත්තයාගේ ජවනිකාව ටිකෙන් ටික දුරස් විය. ආයුර්වේද වෛද්‍ය වරුන් නම් ටිකක් බාහිර පෙනුම වෙනස් කරගෙන ඉදිරියට යන්නට වෙර දැරුවත් හෙල වෙදමහතුන් ඊට එතරම් කැමැත්තක් නොදැක්වූ බව මගේ හැගිමයි.

අපගේ ප්‍රශ්නය වී ඇත්තේ මේ වෛද්‍ය ක්‍රම දෙකම ඵලදායී ලෙසට භාවිතා කරන්නේ කෙසේද යන්නයි. රෝගයක යම් වේදනා කාරී ලක්ෂණයක් ඇත්නම් එය තාවකාලිකව කළමණා කරනය කර ගත යුතුය. හදිසි අනතුරකදී ඇතවින ආබාද තත්වයන් සමනය කරන්නට පහසුකම් ඇත්තේ රෝහල් වල නිසා ඒවා භාවිතා කල යුතුය. රොගය අන්තෙටම උත්සන්න වූ විට යන්ත්‍රසූත්‍ර වල පිහිට පැතීම හැර විකල්ප නැත්තේය. යම් ඔපරේෂන් එකක් කල යුතුමනම් එය කරන්නට අවශ්‍ය දැනුම සහ පහසුකම් ඇති තැන වන බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා කලයුතුය. නමුත් යම් රෝගයක් නිට්ටාවට සුව කර ගැනීමට නම් හෙළ වෙදකම අපට ඇති සුදුසුම ක්‍රමයයි. ඒ සදහා සුදුසු හෙළ වෙදමහතෙකුගේ පිහිට පැතීම සුදුසුය. එසේ නොවුවහොත් සදාකාලිකවම තම රෝග ලක්ෂණ කලමනාකරනය කරන්නට සිදුවන්නේය.

එදා අපි වෛද්‍ය වරයෙක් ලගට ගියහම කොත්තමල්ලි ටිකක්වත් බීලා බැලුවේ නැද්ද කියලා අහන සිිරිතක් තිබුනා. දැන් ඒක නැහැ ඒ වෙනුවට දැන් තියෙන්නේ සිංහල බෙහෙත් බොන්න එපා වකුගඩු නරක් වෙනවා කියලා මතයක් වැපිරීම පමණයි. මේ කාගේ කොන්තරාත්තුවක් දැයි නොදනිමි.

මා මෙහිදී තවත් පිරිසකට ඇගිල්ල දිගු කරමි. ඒ පෝෂණ වේදීන් කියන කොටසයි. ඔවුන්ට මේ සමාජය වෙනුවෙන් විශාල සේවයක් කල හැකිව ඇත. නමුත් ඔවුන් ඒක මගහැර සිටී. ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්ද? ඩෙංගු පැතිර යන විට වතුසද්ද කරනවා විතරයි. ඇයි අර රෝගය නොවැලදී සිටින අයට කියන්නට බැරි ප්‍රතිශක්තිය වර්ධණය කරගන්නට මේ ආහාර ගන්න කියලා. ඒක මේ අයගේ වගකීම.

මම දන්නා කාරනයක් තමයි සිංගප්පූරුවේ සාස් වෛරස් රෝගය ව්‍යාප්ත වූ කාලයේ මුංඇට ආහාරයට ගන්න කියලා දැන්වීම් පවා පල කලා. ඉන් ප්‍රතිශක්තිය වර්ධණය වන බවට අදටත් සිංගප්පූරුවේ වැසියන් විශ්වාස කරනවා. ඇයි අපිට බැරි මේ වගේ දේවල් ප්‍රචලිත කරන්න. මේ සදහා අපිට අපගේ පාරම්පරික ඥානය භාවිතා කල හැකිය. මේ වෙලාවට ආච්චිලා සීයලාගෙන් අහන්න ඉස්සර මොනාද මේ වගේ කාලයකට මුහුන දෙන්නට කලේ කියලා. පිලිතුරු ලැබේවි.

මෙත් සිතිනි.

297 Replies to “සිංහල වෙදකම සහ ඉංග්‍රීසි වෙදකම යන දෙකම එකවර අපගේ නිරෝගීකම උදෙසා යොදාගන්නේ කෙසේද?”

  1. Pretty nice post. I just stumbled upon your blog and wished to say
    that I have really enjoyed browsing your blog posts. After all I will be subscribing to
    your feed and I hope you write again very soon!
    cbd oil diy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *