ඔසප් වේදනාව ගැන අසා තිබූ පැණයකට මා ඊට දුන් පිලිතුර.

ඔසප් වේදනාව ගැන පැණයක් අසා තිබුනා. මෙය සාමාන්‍යෙයන් බොහෝ දෙනෙකුට ඇතිව ගැටලුවක් නිසා මා ඊට දුන් පිලිතුර පොස්ට් එකක් ලෙසට පල කරන්නට හිතුවා.

බො‍‍හෝ කන්තාවටන්ට ඇති ගැටලුවක් නිසා ටිකක් දිග පිලිතරක් දෙන්නම්.

අපේ ශරීරයේ ඇති ඕනිම පේශියක් සංකෝචනය කරන්නට කැල්සියම් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කැල්සියම් ඌණ කෙනෙකුට පේශි සංකෝචනය කරගන්න අමාරුයි. ඒ වගේම ඒ පේෂිය ඉහිල් කරගන්න මැග්නීසියම් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හැකිළුණු පේශියක් දිගහැරගන්න අමාරුයි මැග්නීසියම් අවශ්‍ය පමණට නැත්නම්. එසේම අදාල පේෂි වල නම්‍යතාවය පවත්වාගන්නට පවත්වාගන්නට කොපර් අවශ්‍ය වෙනවා. මීට අමතරව හෝමෝන අවශ්‍ය වෙනවා.

දැන් අපි හිතමු කෙනෙකුගේ කකුලේ කෙණ්ඩා පේෂිය සංකෝචනය වෙලා නැවත ඉහිල් කරගන්නට බැරි වුනා කියලා. එවිට ඇතිවෙන වේදනාව ඔබ දන්නවා ඇති. ඒකියන්නේ අදාල පුද්ගලයාගේ සිරුරේ මැග්නීසියම් අඩුයි කියන එකයි. දැන් යම් පේශියක් සංකෝචනය කරන්නට අවශ්‍ය විට සංකෝචනය කරගන්නට බැරිනම් අපිට බරක් එහෙම උස්සන්න බැහැ. අත හැරෙනවා. මොකද දරාගන්නට බැරි නිසා.

ඔසප් අවස්ථාවේදී ඝර්භාශයේ ඇති රුධිරය සහ ඝර්භාෂ බිත්තියේ තැන්පත් වී ඇති පඨක ඉවත් කරන්නට ඝර්ෂාෂය ඉතාමත් තදින් සංකෝචනය වෙනවා. එතිං අදාල කාන්තාවගේ සිරුරේ කැලිසියම් අඩුයි නම් සම්පූර්ණයෙන් සංකෝචනය කරගන්නට බරි නිසා වැඩි දින ගණනක් මේ කාර්‍යය කරන්නට වෙනවා. එසේම කොපර් අඩුනම් සංකෝචන කරගන්නට අමාරුයි. එවිට තවත් කාලයක් යන්නට පුලුවන්. වෙනත් සංකූලතා ඇතිවන්නටත් පුලුවන්. බැක්ටීරියා ආසාධන වගේ ඒවාට ඉඩකඩ වැඩි වෙනවා.

දැන් සංකෝචනය වුනු ගරභාෂය නැවත ඉහිල් කරගන්නට බැරි වුනොත් එය මොනවගේ වේදනාවක් ද කියලා පිරිමි අයට වුනත් දැනගන්නට පුලුවන් කවදා හරි කෙණ්ඩා පෙරලිලා තියෙනවා නම්. ඇත්තටම මේ ඝර්භාෂයේ ඇතිවන ක්රෑම්ප් එකක්. එක් එක් තාවකාලික ක්‍රම තියෙනවා. ඒවා හොද නැහැ කියනවා නෙවෙයි. නිට්ටාවක් බලා පොරොත්තු වෙනවා නම් ඉහත කියපු මිනර්ල් වර්ග සහිත ආහාර ගන්න. තත්වය වඩාත් දරුණු නම් ස්වභාවික සප්ලිමන්ට් වර්ග ටික කාලයක් භාවිතා කරන්න.

මෙම පෝෂ්‍ය කොටස් සහිත ආහාර වර්ග

  • කළු තල ( දවසකට මේස හැදි තුනක්විතර කන්න )
  • මුරුංගා කොළ
  • පැණි තෝර කොළ
  • වට්ටක්කා ඇට
  • මාළු කටු

විස්තර ඇතැයි සිතනවා. අත්‍යවශ්‍ය කාරණයක් ඇතිනම් ඉන්බොක්ස් කරන්න. හැකි උපකාරයක් කරන්නම්.

‍මෙත් සිතිනි…!!

පුද්ගලිකව යම් ගැටලුවක් විසදාගන්නට අවශ්‍ය නම් Telegram App එක ඩවුන්ලෝඩ් කරගෙන පහත ලින්ක් එකෙන් මාගේ පුද්ගලික ගෘප් එකට සම්බන්ධ වන්න.

https://t.me/nayana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *