කොලෙස්ටරෝල් ගැන කතා කල නිසා ධමණි අභ්‍යන්තර බිත්තියේ ඇති එන්ඩොතීලියම ගැන කතා කරන්නට හිතුනා.

අපි ඊයේ කොලෙස්ටරෝල් ගැන කතා කල නිසා අද ධමණි අභ්‍යන්තර බිත්තියේ ඇති එන්ඩොතීලියම ගැන කතා කරන්නට හිතුනා. මේ ගැනත් මා මීට පෙර කතා කර ඇති මුත් මෙයද ඉතාමත් වටිනා මාතෘකාවක් නිසා නැවත පල කලාට කමක් නැහැ.

1998 වසරේ විද්‍යාඥයන් තිදෙනෙකුට වෛද්‍ය විද්‍යාව සදහා ලබාදෙන නොබෙල් ත්‍යාගය පිරිනැමෙනවා. ඒ අපූරු සොයාගැනීමක් වෙනුවෙන්. අපගේ ධමණි වල අභ්‍යන්තරයේ ඇති එක සෛලයක ඝණකමට පමණක් සීමා වූ එන්ඩොතීලියම නම් සෛල ස්ථරය විසින් හදිසි අවස්ථාවකදී අපගේ ජීවිතය බේරාගන්නා ක්‍රමවේදයක් තමයි එහිදී ඔවුන් සොයා ගත්තේ. මෙම එන්ඩොතීලියම යම් ලෙසකින් හිර වීමක් සිදු වුවහොත් එතැන නයිට්රික් ඔක්සයිඩ් නිශ්පාදනය වෙනවා. මෙම නයිට්රික් ඔක්සයිඩ් නියුරෝට්‍රාන්ස් මීටර් එකක් ලෙසට ක්‍රියාත්මක වීම මගින් ධමණිය විස්තාරණය කිරීමට ස්නායු බලට සංඥාවක් ලබා දෙනවා. එමගින් ධමණිය ඇතුලත ඇතිවූ හිරවීම නැති කරන්නට අවශ්‍ය පියවර ගන්නවා. මේ නිසා ස්ට්‍රෝක් එකක් හෝ හාට් ඇටෑක් එකක් ඇතිවන්නට තියෙන අවස්ථාව මග හැරෙනවා. සොබාදහම විසින් අපට ලබා දී ඇති ආරක්ෂාවයි ඒ.

නමුත් ඔබ කොලෙසටරෝල් ගැන ලියවුනු පලමු කොටස කියවා බැලුවානම් එක දෙයක් තේරුම් ගත යුතුයි. ෆ්‍රී රැඩිකල් මගින් ආක්‍රමණ්‍ය කරන්නේ ධමණි බිත්තියයි. ධමණි බිත්තියේ මුල්ම ස්ථරය එන්ඩොතීලියමයයි. මේ නිසා මෙම ෆ්‍රී රැඩිකල් ප්‍රහාර නිසා අපට ස්වභාවික ආරක්ෂාවක් නැතිවී යයි. එසේ සිදු වන්නේ මෙම ෆ්‍රී රැඩිකල් නිසා එන්ඩොතීලියල් සෛල විනාශ වන නිසාය. එසේ හෙයින් මෙම ස්ථානයේ ගේ කැටියක් රැදුනහොත් අදාල ස්ථානයේ නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම සිදු කල නොහැකි වනු ඇත. ඒ නිසා කොලෙස්ටරෝල් ඇති අයට ස්ට්‍රෝක් සහ හාට්ඇටෑක් ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.

අපි කල යුත්තේ කුමක්ද? පලමු ලිපියේ පරිදිම මුලින්ම ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ලබා දීමයි. එසේ නැතිනම් එම ලිපියේ තිබූ ආකාරයට ප්‍රතිඔක්සිකාරක සහිත අයණීකෘත ජලය ලබා දිය යුතුය. කෙසේ හෝ කොලෙස්ටරෝල් පහව යා යුතුය. ඉන්පසු නැවතත් අදාල ස්ථානයේ එන්ඩොතීලියම නැවත සකස් විය යුතුය. එයට ටික කාලයක් ගතවේ. එතෙක් ආරක්ෂාව සපයන්නට කිසිවෙකු නැත. එක් හිතවතෙක් පවසා ඇති පරිදි මෙවැනි අවස්ථාවක හාට් ඇටෑක් එකක් ආවෙත් ස්ටැටින් ලබා ගත යුතුය. එහි මාද වරදක් දකින්නේ නැත. මුලින්ම ජීවත් වෙලා සිටිය යුතුය. එසේ නම් අදාල අවස්ථාව කළමණාකරනය කරගත යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාව එයට ඉතාමත් සුදුසුය. ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමය ඇත්තේද රෝග කළමණාකරනය කරන්නටයි. එසේ නම් අපි ස්ථිර විසදුමක් සොයා ගත යුතුය. අපි ඒ ගැන ටික ටික කතා කරමු.

හෘද රෝගීයෙක් රෝහල් ගත කරන අවස්ථාවේදී මුල්න්ම දෙන එන්නතක් ඇත. එහි අන්තර්ගත වන්නේ නයිට්රික් ඔක්සයිඩ් වේ. එයින් බලාපොරාත්තු වෙන්නේ සිරුරේ යම් තැනක ධමණි වල හිරවීමක් ඇත්නම් එතැන ප්‍රසාරණය කර අදාල රුධිර කැටිය ඉදිරියට තල්ලු කර හැරීමයි. එයද සාර්ථක ක්‍රමෝපායකි. කෙසේ හෝ තත්වය කළමනාකරනය කරගත යුතුය.

ඇමෙරිකාවේ එක් ආයනයක් මගින් මේ සදහා එක් අපූරු සොයාගැනීමක් සිදු කරන ලදී. ඒ නයිට්රික් ඔක්සයිඩ් අවශ්‍ය වෙලාවකට නිපදවිය හැකි ලෙසට එන්ඩොතීලියල් සෛල උද්ධීපනය කරන නිස්සාරකයකින්. ඒ නිස්සාරකය ගන්නේ අපේ රටේ විණ කපන්නට ගන්නා අහු වලින් බව ඔබ සමහර විට නොදන්නවා ඇති. අහු ගෙඩියෙන් පානයක්ද සදකස් කර අලෙවි කරන්නට ඇත. ලංකාවේද මෙම පානය කලකට පෙර අලෙවි කෙරින. නමුත් දැන් දක්නට නැත.
‍මෙම නිස්සාරකය ලිංගික බෙලහීණතාවය ඇති අයට ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක් වේ. ලිංගේන්ද්‍රිෙය් ඇති ධමණි විස්තාරණ්‍ය කර රුධිරය ඉදිරියට තල්ලු කිරීම නිසා බෙලහීණ තාවයෙන් මිදෙන්නට හැකියාව ඇතිවේ. ලංකාවේ නම් අහු වලින් සාදන ලද මෙවැනි බෙහෙත් මා දැක නැත.

ලිංගික බෙලහීන තාවය ගැන කතා කල නිසා තවත් එක් කාරණාවක් කිව යුතුය. ඔබට ලිංගික බෙලහීනතාව ඇත්නම් ඒ කියන්නේ තවත් වසර කිහිපයක් ඇතුලත කිරීටක ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වීමේ අවධානමක් ඇති බවයි. මා එසේ පවසන්නේ ලිංග ධමණියේ විශ්කම්භය කිරීටක ධමණියේ විශ්කම්භයෙන් බාගයක් පමණ වන අතර කිරීටක ධඹණියෙන් 25% ක් අවහිර වෙනවිට එම කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසා ලිංග ධමණියේ 50%ක් අවහිර වන නිසාය. එයින් මිදෙන්නට වයග්‍රා වැනි භයාණක ඔසු ලබා ගැනීම පසෙක ලා පලමු ලිපියේ දක්වා ඇති ලෙසට ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ගන්න. එවිට මෙම තත්වය මග හැරී යනු ඇත.

‍මේ ගැන පුද්ගලිකව දැනගන්නට අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා telegram app එක ඩවුන් ලෝඩ් කරගෙන සම්බන්ධ වන්න. මෙහි කතා කරන්නට අපහසු කරුණු අපිට එහිදී කතා කරන්නට හැකියි.

තවත් කෙනෙකුට උපකාරයක් කරන්නට සිතුනේ නම් ෂෙයාර් කරන්න.

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *