ආතරයිටීස් (OsteoArthritis) – 1

ඉතාම වේදනාකාරී මාතෘකාවක් තමයි අපිට අද කතා කරන්නට වෙලා තියෙන්නේ. හේතුවට ප්‍රතිකාර කරනවා වෙනුවට ඵලයට පැලැස්තර දැමීමේ කලාව නිසා ආතරයිටීස් රෝගීන් ඉතාම අසරණ වී ඇත. ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ වැරදි ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසට මෙම තත්වය ඇතිවෙනවා කියා කිව්වොත් ඔබ පිලිගන්නවාද?

ආතරයිටීස් වරග් ගණනාවක් ඇති අතර මුලින්ම අපි මුලින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔස්ටියෝ ආතරයිටීස් ගැනයි. ඔස්ටියෝ අතරයිටීස් වලට හේතුව වන්නේ අස්ථි බව රෝගයේ නමින්ම පෙනෙනවා නේද? මේ වර්ගයේ ආතරයිටීස් ඇති අය තම අස්ථි වල යම් අඩුපාඩුවක් ඇති බව දැනගත යුතු වෙනවා.

53599024_837526243268530_7141466127078522880_o

 

අපි ඔන්චිල්ලාවක් බඳින්න හොඳ කඹයක් සොයා ගන්නවා නේද? ඇයි නැත්නම් ඔන්චිල්ලාව පැද්දෙනකොට ළණුව කඩාගෙන වැටෙන්නට පුලුවන් නේ. අපේ ශරීරයෙත් මේ වගේ කඹ තියෙනවා. ඒ ඔන්චිලි පදින්න නොවුනත් යම් චලනයකට අවශ්‍ය ආධාරය ලබා දෙන්නටයි. ඒ තමයි ටෙන්ඩන් කියලා අපි කියන අස්ථි තවත් අස්ථියකට හෝ මාංශ පේෂියකට සම්බන්ධකරන සම්බන්ධක පඨකය. එසේම තවත් එක් සම්බන්ධක පඨකයක් තියෙනවා ලිගමන්ට්ස් කියලා. ඒවා සම්බන්ධ වන්නේ අස්ති අස්ථි අතර පමණයි. ඒ කියන්නේ ටෙන්ඩනස් අස්ථී අස්ථි සහ අස්ථි මාංශ පේෂි යන දෙකම සම්බන්ධ කරනවා. මේවා හරියට අර ඔන්චිල්ලාව බඳින්න ගත්ත කඹේවගේ. හරි හයියට තියෙන්න ඕනි.

දැන් මේ සම්බන්ධක පටක ගිහින් සම්බන්ධ වෙනවා අස්ථියේ බාහිර ස්ථරයට. අස්ථියේ බාහිර ස්තරය හරියට ඔන්චිල්ලාව බඳින ගහේ අත්ත වගේ. අත්ත දුර්වල නම් ඒත් සිදුවන්නේ විනාශයක් මයි. ඉතිං යම් කෙනෙකුගේ අස්ථි දුර්වල නම් සිදු වන දේ ඔබට සිතා ගත හැකිය. ටෙන්ඩන්ස් සහ ලිගමන්ට්ස් වලට නිසි ලෙස ශක්තිමත්ව අස්ථියට සම්බන්ධ විය නොහැකිය.

අස්ථි අස්ථි සම්බන්ධ කරන තවත් එක් පටකයක් තියෙනවා. ඒ තමයි කාටිලේජ. කාටිලේජ වලටද අස්ථිය ඉහත කී ආකාරයටම තදින් සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් අස්ථිය දුර්වල වන්න දුර්වල වන්න කාටිලේජය සහ අස්ථිය අතර ඇති සම්බන්ධයද දර්වල වෙනවා.

‍මෙවැනි අවස්ථාවක සන්ධි වල ක්‍රියාකාරීත්වය කෙසේ විය හැකිද? මේතාක් ශක්තිමත්ව තිබූ සම්බන්ධක පඨක දුර්වල වීම නිසා සන්ධි වලදී අස්ථි එහා මෙහා විය නොහාකිද? සම්බන්ධක පඨක වලට දරාගතනොහැකි බරක් එන්නට නොහැකිද? දැන් හරියට බාගෙට ලෙහුණු දර මිටියක් වගේ තමයි මේ සන්ධිය. එහා මෙහා කරන්න හරි අමාරුයි. මේ අපහසු තාවය මැද අදාල ස්ථානයේ ඇති ස්නායුද තෙරපෙන්න ගන්නවා. ඉතිං වේදනාව ඉවසගන්නත් බැහැ.

‍මේ තත්වයට තමයි ඔස්ටියෝ ආතරයිටීස් කියන්නේ. නමුත් මෙය හැඳින්වෙන්නේ කාටිලේජ සහ අදාල ස්ථානයේ අස්ථිය ගෙවී යෑම නිසා ඇතිවන ආසාදනයක් ලෙසයි. අපි මෙහිදී කතා කලේ ඒ ආසාධනය ඇතිවෙන්නට හේතු වන කාරණය ගැනයි. නැතිනම් අස්ථිය දුර්වල වීම නිසා අදාල සම්බන්ධක පඨක දුර්වල වන බවයි. ඇත්තටම ඔන්චිල්ලාව බැඳලා තියෙන අත්ත දිරා යෑමක් වගේ කියලා තමයි හිතාගන්න වෙන්නේ. දැන් ඔන්චිලි පදින්න බැහැ. එක තැන ඉන්න වෙනවා.

බර දෙන්න බැහැ වේදනාවයි. ස්නායු තෙරපෙනවානේ මොකද අස්ථි එහා මෙහා යනවානේ.

‍මෙසේ සම්බන්ධක පඨක කාලයක් හරියට පාවිච්චි කලේ නැතිනම් ඒවා දුර්වල වෙනවා. එසේම අනවශ්‍ය තෙරපුමක් එනවිට ටෙන්ඩන්ස් ලිගමන්ට්ස් සහ මාංශ පේෂි ඉදිමෙන්නට බලනවා. ඉදිමුම කියන්නේද සිරුර අපිට ලබා දී තිබෙන ආරක්ෂිත උපක්‍රමයක්. අපි ඒගැන වෙනම කතා කරමු. දැන් අවශ්‍ය වෙන්නේ අස්ථි දුර්වල වූයේ ඇයි දැයි සොයා බැලීමයි.

අස්ථි දුර්වල වන්නට ප්‍රධානම හේතුව අන්ථි සෛල නිපදවන්නට අවශ්‍ය පෝෂණය නොමැති වීම කිව්වොත් ඔබ මා සමග එකග වේ යැයි සිතනවා. එසේනම් අපි ඒ පෝෂණය ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්. අපි ඒ ගැන කතා කරමු. අස්ථි පෝෂණයට වැදගත් වන පෝෂ්‍ය කොටස් 7ක් පහත දක්වා තියෙනවා. ඉන් 5 ක්ම මිනරල් වර්ග වන අතර දෙකක් විටමින් වෙනවා.

  • කැල්සියම්
  • මැග්නීසියම්
  • සින්ක්
  • මැංගනීස්‍‍
  • ‍බෝරෝන් මිනරල් වර්ග වන අතර

විටමින් D3 සහ විටමින් කේ ඉතිරි විටමින් දෙකයි.

මෙම ලිස්ට් එකේ නැති තවත් මිනරල් වර්ගයක් සහ විටමින් වර්ගයක් තියෙනවා.‍පොටෑසියම් සහ විටමින් සී ඒ මගහැරී ඇති පෝෂ්‍ය කොටස් දෙකයි. පොටෑසියම් නැතිව අස්ථි නිර්මාණය වන්නේ නැත. එහෙත් ඒ ගැන දැනුම ලබෘ දීම හරිම විරලය. පහත ඇති වාර්ථා වලින් ඔබට පොටෑසියම් ගැන යම් දැනුමක් ලබා ගත හැකිවේවි. පොටෑසියම් අඩු වූ විට අස්ථි දුර්වල වල බව මෙම වාර්ථා වලින් ගම්‍ය වන බව හොදින්ම පෙනී යයි.

https://www.ncbi.nlm.nih.gov/pubmed/8190153

https://www.ncbi.nlm.nih.gov/pubmed/18575949

https://www.ncbi.nlm.nih.gov/pubmed/

අපගේ සිරුරේ රුධිරය භාෂ්ඹික විය යුතු වන අතර එය pH 7.38 ක පමණ අගයක් පවත්වාගත යුතුය. යම් ලෙසකින් මෙය 0.2 කින් අඩු වුවහොත් කෝමා තත්වයක් හො මරණය පවා අත්විය හැකිය. මේ නිසා අපගේ ශරීරය සෑම විටම අදාල pH 7.38 ක භාෂ්මික තාවයක් රුධීරයේ පවත්වා ගනී. අපි ගන්නා ආහාර නිසා මෙම මට්ටම අඩු වන්නට හේතු වන සෑම අවස්ථාවකම අප ශරිරය ඊට අවශ්‍ය පිලිතුර ලබා දීමට ශරිරයේ තැන්පත්ව ඇති පොටෑසියම් රුධිරයට ගෙන එන්නට වෙර දරයි. අපි දෛනිකව කැලිසියම් මිලි ග්‍රෑම් 1200 ක් පමණ අවශෝෂනය කරගත යුතු වන අතර පොටෑසියම් මිළ ග්‍රෑම් 4500 ක් දෛනිකව අවශෝෂණය කරගත යුතුය. ඔබ ග්ලූටන් සහිත ආහාර ගන්නා අයෙක් නම් ඔබගේ අන්ත්‍ර වල අංගුලිකා එම ග්ලූටන්නිසා විනාශ වී ඇති බවට සැකයක් නැත. දැන් ඔබ ගන්නා ආහාරයේ ඇති පෝෂණය සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නට නෙැහැකි වේ. අපි හිතමු 50% ක් අවශෝෂණය කරගත්තා කියලා. එසේ නම් ඔබ දවසකට කෙසෙල් ගෙඩ් 16කින් පොටෑසියම් ලබා ගත යුතුය. කොළපාට එලවලු කප් 14ක එළවලු දිනකට ආහාරයට ගත යුතුය. ඔබගේ අන්ත්‍ර වල අංගුලිකා නිසි ලෙස නිරෝගීව පිහිටා තිබුනා නම් ඔබ ආහාරයට ගත යුතු වන්නේ මින් අඩක් පමණි. රුධිරයේ pH 7.38 ක අගය නිශ්චිතව පවත්වාගෙන යෑම අස්ථියේ ශක්තිය පවත්වාගෙන යෑමටවඩා අපේ සිරුර විසින් වැදගත් කොට සලකන නිසාම අදාල භාෂ්මිකතාව පවත්වාගැනීමට අවශ්‍ය වූ විට අස්ථි වලින් පෙැටෑසියම් ගලවා රුධිරයට නිදහස් කරයි. එවිට කැල්සියම් බන්ධන දුර්වල වී අස්ථි දුර්වල වේ. මෙම තත්වය නිසා ඔස්ටියෝ පොරෝසිස් තත්වයන්ද, වැඩි පුර කැල්සියම් රුධිරයේ පැවතීම නිසා වකුගඩු වල ගල්ද ඇතිවීමේ අවදානමක් ඇතිවේ.

පොටෑසියම් සහිතආහාර ගැන විස්තරයක් මීට පෙර මා විසින් ලියූ pH ලිපියේ ඇත. එයද කියවන්න.

‍මේ අනුව පොටෑසියම් වල අවශ්‍යතාවය ඔබට ඉතා හොදින් වැටහෙනු ඇතැයි සිතමි.

එසේම විටමින් සී. කැල්සියම් හොදින් අවශෝෂනය කරගන්නට විටමින් සී අත්‍යවශ්‍ය සාධකයකි. විටමින් ඩී පමණක් නොව විටමින් සීද අපි දෛනිකව ලබා ගත යුතුය. විටමින් ඩී අපට උදේ අව්රශ්මිය ආධාරයෙන් නිපදවා ගත හැකි බව අපි කුඩා කල සියම ඉගෙන ගත්තා මතක ඇති. නමුත් වීදුරුවක් හරහා එන අව්රශ්මියෙන් මේ දේ සිදු වන්නේ නැති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. ඒ නිසා වාහනයේ යන විට වැටෙන හිරු රැස් හෝ බිල්ඩිමක් ඇතුලට වැටෙන හිරු රැස් වලින් අපට ප්‍රෙයා්ජන ගත නොහැකි බව තේරුම් ගන්න. මේ අනුව විශාල පෝෂ්‍ය කොටස් ප්‍රමාණයක් අස්ථි වර්ධනයට දායක වේ. අපි යම් හෙයකින් මෙයින් එක් වර්ගයක් හෝ අඩු කලහොත් අවසානයේ එය අස්ථි වල ශක්තිය දුර්වල වන්නට බලපායි.

දැන් අස්ථි දුර්වල වීම ගැන යම් දැනුමක් ඇතැයි සිතනවා. අස්ථි දුර්වල වීම හරිහට ඔන්චිල්ලාව බදින අත්ත දිරායෑමක් වැනියි. දැන් කඹය තිබුනාට වැඩක් නැත. එය වැඩකට ගන්නට නොහැකිය. මේවිදිහට කාලයක් යන විට අදාල පඨක පලට පෝෂණය සැපයීම නතර වේ අපි යම් පේෂියක් හෝ යම් පඨකයක් නිසි ලෙස භාවිතා කරන්නේ නැතිනම් අදාල ස්ථාන වලට රුදිරය සහ පෝෂණය සැපයීම අඩාල වේ. උදාහරණයක් ලෙස අංශභාගය හැදුන කෙනෙක් බලන්න. ඇත්තේ ස්නායු ආබාධයක් වුවත් ටික කාලයක් යන විට රෝගයට ගොදුරු වූ පැත්තේ පේශි දුර්වල වෙනවා නේද? එසේ වන්නේ පාවිච්චි නොකරන පඨකයකට අපගේ ශරීරය පෝෂනය ලබා නොදීම නිසයි.

මෙතනත් මේ දේම සිදු වෙනවා. කාටිලේජ වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන එක දැන් නවතිනවා. ලිගමන්ට්ස්, ඩෙන්ඩන්ස් වලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. හේතුව අත්ත දිරල ශක්තිමත් කඹයක් තිබුනට දැන් වැඩක් නැහැ. ඒ පෝෂණය අවශ්‍ය තැනකට යොමු වෙනවා. මේ දේ දැන් පෙනෙන්නේ ටෙන්ඩන්ස් දිරලා, කාටිලේජ දිරලා, ලිගමන්ටස් දිරලා කියලයි. අස්ථියත් දිරලා කියලා පේනවා. ඉතිං හොද කරන්නට බැහි කියලා තමයි කියන්නවෙන්නේ. නැත්නම් කපලා ඇණදාලා කෘතිම සන්ධියක් දානවා. එයත් වසර තුනක් පමණ යනවිට අක්‍රිය වෙනවා. ඒවා එලියට එන්නේ නැහැ. ලක්ෂ ගානක් වියදම් කරලා මෙවැනි රිප්ලේස්මන්ට් කල අය වසර කීයක් හොදින් සිටියාදැයි සොයා බලන්න. සත්‍ය්‍ය වැටහේවි.

දැන් අපි මොකද කරන්නේ මේ තත්වය සමනය කරගන්න.

මුල්න්ම අපි ගන්නා ආහාර අවශෝෂනය වන තැනට අපගේ අන්ත්‍ර නිරෝගීව තබා ගත යුතුයි. ඒ සදහා පාන්පිටි කන එක අදම නවතාලිය යුතුයි. මේ අනුව අපි ආහාරයට ගන්නා ග්ලූටන් අවම කල හැකිය. ග්ලූටන් නොමැති නම් අංගුලිකා විනාශ වන ප්‍රධානම දොරටුව වැසී යනු ඇත. දැන් ඔබ ගන්නා ආහාර වල නිසි පෝෂනය අවශෝෂනය කරගන්නට හැකිවනු ඇත.

‍දෙවැනි කාරණ්‍ය pH 7.38 ක අපගේ රුධිරයේ භාෂ්මිකතාවය පවත්වාගන්නට නොහැකි වන ආහාර වලින් වැලකීම. සහ අදාල භාෂ්මිකතාවය පවත්වාගෙන යෑමට හේතු වන ආහාර ගැනීමත් රුධිරයේ නිසි හිමොග්ලොබින් මට්ටමක්පවත්වා ගැනීමත් වේ. භාවිතයෙන් ඉවත් කල යුතු ප්‍රධානම ආහාර වන්නේ,

  • කාබනේටඩ් බීම වර්ග
  • ගැඹුරු තෙලේ බදින කෑම
  • කෘතිම මස් වර්ග
  • බාබකියු වැනි ආහාර වේ

‍‍දිනපතා ආහාර වේලට එක්කර ගත යුතු වන ග්රැම් 50 ක ප්‍රෝටින් ප්‍රමාණය පවත්වාගෙන යෑමද රුධිරයේ භාශ්මිකතාවය පවත්වාගෙන යෑමට ඉවහල් වේ.

එසේම ප්‍රෝටින් ජීරණ කරන්නට අවශ්‍ය ආම්ලික තාවය ආමාශයේ පවත්වාගෙන යෑමද ඉතාමත් වැදගත්වේ. මේ ගැන අපි ගැස්ට්‍රයිටීස් ගැන ලියූ ලිපියේ කතා කලා. නිවාඩුව කියවා බලන්න.

‍මේ සියලු කාරනා අවසානයේ අස්ථි දුර්වල වන්නට හෝ ශක්තිමත්ව තබා ගන්නට බලපායි. ඔබ ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වාගෙන යන්නේ නම් දෛනික ආහාර වේල තුල නිසි පෝෂණය ඇත්නම් ඔස්ටියෝ අාතරිටිස් හැදෙන්නට හේතු නැත.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් මෙැවැනි රෝග සුව කරන්නට නොහැකි අතර සිදු කල හැක්කේ වේදනාව අඩු කර රෝගය කළමණා කරනය කිරීම පමණී. අවසානයේ අවශ්‍ය යැයි හැගේනම් කෘතිම සන්ධියක් බද්ද කිරීමට නිර්දේශ කරනවා.

‍හෙළ වෙදකමට අනුව අදාල ස්ථානයට පත්තු බැද යම් ප්‍රතිකාර ක්‍රම ලබා දෙන අතර ආමාශයේ සහ අන්ත්‍රවල ඇති තත්වයන් මුලින්ම සුව කරනවා. ඉන්පසු තමයි රෝගයට බෙහෙත් ලැබෙන්නේ. ඒ ක්‍රමය හරිම සාර්ථකයි.

අපි මේ රටවලදී එවනි හෙළ ඔසු ලබා දෙන්නට නොහැකි නිසා සිදු කරන්නේ ස්වභාවිකව ලබා ගත් පෝෂ්‍ය කොටස් ආධාරයෙන් අදාල පෝෂණය මාස හතරක් පමණ සිරුරට ලබා දීමයි. එවිටද අදාල තත්වයන් මග හැරෙනවා.

‍කෙසේ වෙතත් ආහාර රටාව වෙනස් කරගැනීම සහ අවශ්‍ය නිසි පෝෂනය ලබා දීම තුල පමණයි රෝගය නිට්ටාවට සුව කරන්නට හැකි වන්නේ. බාම්, ක්‍රීම් වගේ දේවල් වලින් තාවකාලික සහනයක් ලැබෙන්නට පුලුවන්. එයද සමහර විට අවශ්‍ය වෙනවා. මොකද රෝගය සුව කරගන්නකම් ඉන්න වෙන නිසා. නමුත් බාම් ක්‍රීම් වලින් දැනෙන සහනය තාවකාලික බව දැනගත යුතුවේ.

ප්‍රශ්න ඇත්නම් කමෙන්ට් වලින් දක්වන්න. මා සමග පුද්ගලිකව කතා කරන්නට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ Telegram app එකඩවුන්ලෝට් කරගනෙ මාගේ පුද්ගලික ගෘප් එකට සම්බන්ධ වෙන්න. අන් අයටත් දෙැනගන්නට සලස්වා ඒඅයටද යම් දෙයක් දෙන්නට කැමතිනම් ෂෙයාර් කරන්න. එය ඔබට පිනක් වේවි.

https://t.me/nayana

‍මෙත් සිතිනි…!!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *